වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවිධමත් පාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුළ විශාල මුදල් ප්‍රමාණයක් නොලැබී ගොස් ඇති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.
2022 වසර සදහා වයඹ පළාත් සභාව වෙනුවෙන් නිකුත් කර ඇති විගනන වාර්තවේ මෙසේද සදහන් වේ.
වයඹ පළාතේ ජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාලීම සදහා 2004 වසරේදී වයඹ පළාත් මාර්ගස්ථ මගී අධිකාරිය ස්ථානය කර ඇත.වයඹ පළාත තුළ ධාවනය වන පුද්ගලික බස් රථ සදහා 2011 වසරේදී බලපත්‍ර නිකුත් කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමිනි. ඒ අනුව මගී ප්‍රවාහනය සදහා බස් රථ 40 කට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වසර 05 කට අවසර ලබා දී ඇත.එම කාලය අවසන් වීමෙන් පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර බලපත්‍ර නිකුත් කිරීම නිසා රජයට අයවිය යුතුව තිබූ රුපියල් 38,575,400 ක මුදලක් අහිමිවී ගොස් ඇති බවද විගනන වාර්තාව පෙන්වා දෙයි.
2013 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය තුළ හිග මාසික ධාවන සටහන් පත්‍ර ගාස්තු ලෙස රුපියල් 15,899,000 ක්ද,ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 3,238,600 ක මුදලක්ද මෙතෙක් අයකර ගැනීමට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය කටයුතු කර නැත.එමෙන්ම එම කාලයේදී මාසික පිවිසුම් පත්‍ර ගාස්තුව ලෙස රුපියල් 2,885,400 ක මුදලක් සහ ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 494,600 ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොමැති බවද විගනන වාර්තාව පෙන්වා දෙයි.
අමතර ගමන් වාර ආදායම ලෙස 2019 වසරේ සිට රුපියල් 4,218,000 ක මුදලක් සහ ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 1,139,700 ක මුදලක් පුද්ගලික බස් රථ වලින් ලබා ගත යුතුව ඇතත් එම මුදලද මෙතෙක් ලබා ගැනීමට කටයුතු කර නොමැති බව විගනන දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
වලංගු බලපත්‍රයක් නොමැතිව පුද්ගලික බස් රථ වල රියදුරු සහ කොන්දොස්තරවරුන් ලෙස සේවය කරන අයවළුන්ට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂක අංශය විසින් දඩ මුදල් නියම කිරීම සිදු කරති.නමුත් රියදුරු සහ කොන්දොස්තර වරුන්ට බලපත්‍ර නිකුත් කිරීමේදී ලියාපදිංචි කර ඇති පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීමට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර නැත.එම නොසැලකිල්ල හේතුවෙන් බොහෝ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බලපත්‍ර ලබා නෙගෙන සේවය කරන බවද අනාවරණය වී ඇත.මෙම තත්ත්වය නිසා බලපත්‍ර නොමැතිව සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරන්ට දඩ නියම නොකර සිටීමට ජංගම පරීක්ෂකයින් කටයුතු කර ඇත.මෙම හේතුව නිසා වසරකට රුපියල් 3,591,100 ක මුදලක් අහිමිවී ඇති බවද විගනන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම වාර්තාවේ සදහන් වේ.
පුද්ගලික බස් රථ වල සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරුන්ට නිකුත් කරන බලපත්‍ර වසර 02 කට හෝ 03 කට වරක් අළුත් කළ යුතුව තිබුනත් වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එම කටයුත්ත සිදු කර නැත.මේ නිසා එම අධිකාරියට වසරකට රුපියල් 896,800 ක මුදලක් අහිමිවී ගොස් ඇති බවද අනාවරණය වී ඇත.
මේ ආකාරයට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තුළ සිදුවී අකටයුතුකම් හේතුවෙන් වාර්ෂිකව රජයට අය විය යුතු විශාල මුදලක් අහිමිවී ගොස් ඇති බවද විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.
විගනන දෙපාර්තමේන්තුව විසින් එල්ල කර ඇති චෝදනාවන්ට වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිදහසට විවිධ කරුණූ ඉදිරිපත් කර ඇත. නමුත් විගනන නිලධාරීන් එම කරුණු ප්‍රතික්ෂේප කර ඇත.