Skip to content

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇමරිකානු තානාපතිනිය හමුවෙයි.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හා මෙරට ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ(17) පවත්වා තිබෙනවා.

උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම, අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනිවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කොට තිබිණ.

ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිනිය හා දෙමළ දේශපාලන පක්ෂ නායකින් සාකච්ජා කොට තිබිණ.

සාකච්ජාවන් වෙනුවෙන් දෙමළ මහජන පෙරමුණ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා,ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත එම්.ඒ.සුමන්තිරන් මහතා ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

උතුරු නැගෙනහිර ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක්ද පැවැත්වීමට නියමිත බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළහ.

Latest