Skip to content

අත්‍යවශ්‍ය නොවන සහ තහනම් කළ ප්ලාස්ටික් වැටලීම් ඇරඹේ..

නීතිය තදින් ක්‍රියාත්මකයි....

අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් ඇසුරුම් සහ තහනම් කළ ප්ලාස්ටික් අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් අද (6) සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ පවසයි.

අත්‍යවශ්‍ය නොවන ප්ලාස්ටික් හා නීතිවිරෝධී ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර රේගුව සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක්  ආරම්භ කළ බවද සභාපති වරයා වැඩිදුරටත් සදහන් කරයි.

ජගත් පරිසර දිනය වෙනුවෙන් නීතිවිරෝධී ප්ලාස්ටික් සහ පොලිතීන් අලෙවි කිරීම හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (5) සංවිධානය කර තිබුණේය. එහිදී අදහස් දැක්වූ සභාපති වරයා මේ තොරතුරු අනාවරණය කලේය.

Latest