Skip to content

කොළඹ එන්න ඕන නැහැ. දින තුනෙන් පාස් පොර්ට් එක ගෙදරටම!

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට කරදරයකින්,අපහසුවකින් තොරව කාලය ඉතිරි කරගනිමින් සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් හෙට (15) සිට සැලසීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් සූදානම් කර ඇති බවයි.

ඒ අනුව හෙට (15) දිනයේ සිට අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබා දීම සිදුකළ හැකිය.

එසේ ලබාදීමෙන් අනතුරුව දින තුනකින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තැපැල්  මාර්ගයෙන්  නිවෙසටම එවීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදයේ සමාරම්භක අවස්ථාව හෙට (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.

Latest