Skip to content

අකුරැස්සට තවත් සුරා සැළක් එපා..!

අකුරැස්ස නගරයේ නිල්වලා ගග ආසන්නයේ ස්ථාපනය කර ඇති බුදු පිළිම වහන්සේට යාබද ස්ථානයක සුරා සැළක් විවෘත කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් කියා සිටී.

අකුරැස්ස නගරය තුළ මේ වන විට මත්පැන් අලවි සැල් 05 ක් ස්ථාපනය කර ඇත. ඊට අමතරව අවන්හල් කීපයක්ද නගරය තුළ පවත්වා ගෙන යයි. තත්ත්වය මෙසේ තිබෙන පසුබිමක තවත් සුරා සැළක් නගරය තුළ ස්ථාපනය කිරීමට කිසියම් පිරිසක් සුදානම් වන බවට ප්‍රදේශවාසීන්ට තොරතුරු ලැබී ඇත.

ලැබී තිබූ එම තොරතුරට අනුව ඊට විරෝධය දක්වමින් ඉකුත් 18 වෙනිදා අකුරැස්ස බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදි. මාතර දිස්ත්‍රික් ලේඛකාධීකාරී දර්ශණපති පුජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයද, ප්‍රදේශවාසීන් සහ දරු දැරියන්ද මෙම  විරෝධතාවයට එක්ව සිටියේය.

අකුරැස්ස නගරය තුළ නව සුරා සැළක් විවෘත කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත්, අවශ්‍ය වන්නේ නම් විරෝධතාවයට එහා ගිය සත්‍යග්‍රහයක් දක්වා හෝ ගමන් කිරීමට තමන් සුදානම් බව මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස කියා සිටියේය.

Latest