Skip to content

පොලිස්පති ධූරයට දූෂිතයන් එපා.

රාමඤ්ඤ මහ නිකායේ අනුනාහිමියෝ ජනපතිගෙන් ඉල්ලති..

රටේ ජනතාවට පිළිගත හැකි කිසිදු චෝදනාවකට ලක් නොවූ නිලධාරියකු  පොලිස්පති ධුරය සදහා නම් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාදිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.

වත්මන් පොලිස්තති සී.ඩි. වික්‍රමරත්න මහතාගේ විශ්‍රාමයෙන් පසුව පත් කිරීමට නියමිත නව පොලිස්පති වරයා සම්බදයෙන් අදහස් දක්වමින් අනුනාහිමියන් විසින් මෙම ප්‍රකාශය නිකුත් කොට තිබේ.

නව පොලිස්පති ධුරය සඳහා ‍ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු තිදෙනෙකුගේ නම් මේ වනවිටත් යෝජනා වී තිබේ.

පොලිස්පති තනතුරට හුදෙක් ජනප්‍රියකම් මතම නිලධාරින් පත් නොකළ යුතු බවත් එසේ පත්කිරිමෙන් පොලිසිය අපකීර්තියට පත්වු අවස්ථාද ති⁣බෙන බවත් පවසන අනුනාහිමියෝ වැඩිදුරටත්  සදහන් කරන්නේ එම අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසාම පොලීසිය මේ වනවිටත් අරාජික තත්වයක් පෙන්නුම් කරන බවයි.

රටේ පසුගිය කාලය පුරාම පොලිසියට විවිධ චෝදනා එල්ලවු බවත් පොලිසියට අවශ්‍ය වන්නේ කීර්තිමත් වර්තමානයක් බැවින් මොන බලපෑම් ආවත් පොලිස්පති ධුරයට ⁣චෝදනා නැති, ජනතාවට පිළිගත හැකි නිලධාරියකු පත්කළ යුතු බව අනුනාහිමින් විසින් අවධාරණය කර තිබේ.

Latest