මේ දිනවල දිවයිනටම බලපා ඇති දැඩි නියං ගාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම, පිරිසිදු ජලය පානයට නොමැති වීම ආදි කාරණා හේතුවෙන් ඉදිරි කාලයේදී බාල වැඩිමහල් සියලු දෙනාට පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
ඊට පිළියමක් වශයෙන් හැකි සෑම විටකම නවසේ ඇති ජලය උණුකර නිවාගත් පසු පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවත් වියලි කාලගුනික සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් ජනතාවට පිරිසිදු ජලය නොලැබීම මගින් මෙම තත්වය ඇති වන බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
ජනතාව විසින් ලබාගන්නා පානීය ජල මුලාශ්‍රය පිරිසිදු නොවන දන්නා සෑම අයෙකුම තමන් භාවිතා කරන ජලය උණුකර නිවා පානය කරන ලෙසටත් පවතින නියං කාලගුණික තත්වය පහත යනතුරු හෝ එලෙස සිදුකරන ලෙසටද ඉල්ලා සිටින බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.