Skip to content

නිවසක හැදූ පරවියන් කූඩුවකින් සොරාගෙන මරා පුළුස්සා ආහාරයට ගෙන වීඩියෝවක් මුදාහළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට



අලුත්ගම  දර්ගානගරය  ප්‍රදේශයේ විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින්  තිදෙනකු  අලුත්ගම  පොලිසිය  අද (29) පස්වරුවේ  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුඅ අතර අලුත්ගම දර්ගා නගරයෙන්  වාර්තා වූ මෙම  සිද්දිය  පිළිබඳ

අලුත්ගම පොලීසිය මගින් ඊට  සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුගිය 26 වනදා අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා මෙම ක්‍රියාව සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් ය.

සැකකරුවන් තිදෙනා හෙට (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest