Skip to content

නිවනට යන මග විමසා හාමුදුරුවන්ගේ කණට ගහලා.

"නිවනට යන මග කුමක්ද?" යැයි විමසා ස්වාමීන් වහන්සේ නමකට පහර දුන් බව කියන නාවුක හමුදා නිලධාරියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

පසුගිය 17 වෙනිදා සවස කල්පිටිය - කන්දකුලියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුව ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවුක හමුදා කදවුරට අනියුක්තව කන්දකුලිය ප්‍රදේශය බාරව කටයුතු කරන නිලධාරියාව බව පොලීසිය කියයි.

පහර කෑමට ලක්ව ඇති කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන නාලන්දේ ධම්මවිමල ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන දන්සැලක් සදහා තමන් වහන්සේ ආධාර එකතු කිරීමට කන්දකුලිය ප්‍රදේශයට ගිය බවත්,එම ප්‍රදේශයේ නිවසක පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටි සැකකරු නිවනට යන මග කුමක් දැයි විමසා තමන්ට පහර දුන් බවද රෝහල් ගත කර සිටින ස්වාමීන්වහන්සේ පොලීසියට පවසා ඇත.

සැකකරු කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Latest