Skip to content

වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන "නීපා" රටවල් රැසක පැතිරේ..

"මාරන්තිකයි" අවදානයෙන් සිටින්න. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි...

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කර තිබේ.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවති.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

Latest