Skip to content

නිදන කාමරය වෙන වැඩකට යොදලා හිටපු නාවික සෙබළා බඩුත් එක්ක මාට්ටු

රුවන්වැල්ල පොලිස් වසමේ වහරක ලෙනගල ගමේ නිවසක නිදන කාමරයේ පොලව හාරා ඒ තුල වලදමා තිබු කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා සහිත බැරල් තුනක් කසිප්පු ලීටර් 35 ක් උපකරණත් සමග ඊයේ 01 වනදා සවස අත් අඩංගුවට ගත් බව ගලපිටමඩ පොලීසිය පවසයි                       ගලපිටමඩ පොලීසියේ ස්ථානාධිපති සම්පත් කුමාර මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙක් ගෙන් ලද තොරතුරක් මත   තම පොලිස් වසමෙන් පිට වසමකට ගොස් වැටලීම කර ඇත.  ඒ සිතාවක ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මතය.

                                                                                                                      නාවික හමුදාවේ වසර 16 සේවයෙන් ඉවත්ව  සිටින අයකු සතියකට වරක් දෙවරක් ඔහුගේ නිවසේ සිට යම් දෙයක් රැගෙන රුවන්වැල්ල හා ගලපිටමඩ දෙසට යන බවත් සවස හයට පමණ ගෝනියක් දෙකක් රැගෙන නිවසට එන බවත් ඔත්තුකරු පවසා ඇත.     ඒ අනුව තම නිලධාරින් යොදවා තොරතූරු රැස්කර ගත් ස්ථානාධිපති වරයා ඊයේ සවස  මෙහෙයුම ක්‍රියාත්මක කලේය.  මෙම නිවසේ ඉදිකිරිම් අවසන් කර නොමැති වුවත් පදිංචි වි සිටියි  ලද තොරතුරු අනිව සොයා බැළුවත් කිසිවක් හමු නොවුනත් නීතිවිරෝධී මත් පැන් කුමන හෝ ස්ථානයක ඇති බවට ඉවෙන් මෙන් හඳුනාගත් පොලිස් නිලධාරින් නිදන කාමරය පරික්ෂා කරන්න තීරණය කර නිවෙස් හිමියාද සමගින් කාමරයට ගොස් ඇඳ අයින්කර බැලීමේදි එම ස්ථානයේ යමක් වලදමා ඇති බව හඳුනාගෙන එම ස්ථානයේ කල කැනීම් වලදි  ගෝඩා සහිත       බැරල් තුනක් වලදමා තිබි හමුවිය      

නිදන කාමරයේ බැරල් වලදමා 

                                                                             තව දුරටත් කල විමර්ශන වලදි එම බැරල්වලට ගෝඩා පුරවන හා ඉන් ඉවත් කරන වතුර මෝටරය කසිප්පු පෙරීමට ගන්නා උපකරණ ගැස් ටැංකි දඟර ඇතුළු විවිවිධ දේ හමුවිය ගෝඩා මිලි ලීටර් 553000 ක් පෙරන ලද කසිප්පු මිලි ලීටර් 35000 ද විය.      

                                                මෙම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති අතර වෙසක් සුරාසැල් වසා ඇතිනිසා  කසිප්පු වැඩියෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් වෙද්දි පොලිස් ඇසට කොටිකර ගැනීමට හැකිවු  බව වැටලීමට සහභාගිවු නිලධාරින් පවසයි     සැකකරු හා අත් අඩංගුවට ගත් නඩු භාන්ඩ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 3 වනදා ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest