Skip to content

NEURALINK සඳහා අනුමැතිය ලැබෙයි.

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්හට අයත් මොළය ආශ්‍රිතව තාක්ෂණය යොදාගනිමින් පරීක්ෂණ කරනු ලබන Neuralink සමාගමේ මොළයට බද්ධ කිරීමට නිපදනවන ලද Neuralink චිපය සඳහා මිනිසුන් යොදාගනිමින් සායනික පරීක්ෂණ සිදු කිරීම සඳහා ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරියේ අනුමැතිය ලැබී තිබෙනවා.

2019 සිට කිහිපවතාවක්ම ඊලෝන් මස්ක් විසින් එයට අනුමැතිය ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කලද 2022 මුල් භාගයේදී පාලනාධිකාරිය විසින් ආයතනය මගින් ඉදිරිපත් කළ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද අතර පසුව ආයතනය විසින් එම පරීක්ෂණ වල ආරක්‍ෂිතභාවය වැඩිදුරටත් තහවුරු කිරීම සඳහා පියවර ගෙන තිබුණි.

Neuralink චිපය මගින් විශේෂයෙන්ම ඔවුන් කිරීමට බලාපොරොත්තු වන්නේ මිනිස් මොළය මගින් සිතුවිලි හරහා පරිගණක සමග ඍජුවම සම්බන්ධ වීමට ක්‍රියා කිරීමයි. එමගින් යතුරුපුවරු, මවුස් හෝ වෙනත් කිසිඳු පරිගණක උපකරණ භාවිතා නොකර කෙටි පණිවිඩ යැවීම වැනි ක්‍රියා සිදු කිරීම වැනි දෑ සඳහන් කළ හැකිය. මෙය අංශභාගයට ගොදුරුව සිටින රෝගීන්, ශ්‍රවණාබාධිත, දෘශ්‍යාබාධිත රෝගීන් සඳහා බෙහෙවින් උපකාරී වන බවට ඔවුන් සඳහන් කරනවා.

Latest