Neuralink සමාගම විසින් පළ කරන ලද බ්ලොග් සටහනකට අනුව ඔවුන්ගේ ජෛව තාක්‍ෂණික මෙවලමක් වන Brain Chipය මානව සායනික පරීක්ෂණය සඳහා අත්හදා බැලීමේ කටයුතු ඉකුත් අගහරුවාදා දින ආරම්භ කරන ලද බව විදෙස් මාධ්‍යයන් විසින් වාර්තා කර තිබුණි. ස්වාධීන සමාලෝචන මණ්ඩලයක් හරහා අනුමැතිය ලැබීමෙන් පසු, ඔවුන්ගේ දිගුකාලීන අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අංශභාග රෝගීන්ගේ මොළයට මෙම චිපය බද්ධ කිරීම ආරම්භයට සූදානම් බවට දක්වා තිබේ.
PRIME අධ්‍යයනය (Precise Robotically implanted Brain-Computer Interface) හරහා මෙම චිපය මොළයට බද්ධ කිරීමේදී පුද්ගලයාගේ ආරක්‍ෂාව සහ ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගයීමටද ලක් කෙරෙනු ඇත. පරීක්‍ෂණය සඳහා ලක් කරන රෝගීන්ගේ මොළයෙහි කොටසක බද්ධ කරනු ලබන මෙම චිපය මගින් චලනයන් සඳහා වන සිතුවිලි පාලනය කරනු ලබන අතර මොළයේ සංඥා පටිගත කොට යෙදුමක් (App) වෙතට යොමු කිරීමද සිදුවේ.
කොඳු ඇට පෙළේ ආබාධ සහ විද්‍යාත්මක නම්වලින් හැඳින්වෙන quadriplegia, Amyotrophic lateral sclerosis (ALS) වැනි තත්ත්වයන් සඳහා වසර හයක් වැනි දිගු කාලයක අධ්‍යයනයන් වෙනුවෙන් සුදුසුකම් ලැබිය හැකි අතර එම කාලය වසර එකහමාරක් නිවසේ සිටද ඉතිරි කාලය සායනික යොමුවීම් වශයෙන්ද බෙදා වෙන්කොට ඇත. උනන්දුවක් දක්වන පුද්ගලයින් සඳහා Neuralink වෙබ් අඩවියේ රෝගීන්ගේ ලේඛනයේ ලියාපදිංචි විය හැකි බවද බ්ලොග් සටහනෙහි වැඩිදුරටත් දැක්වේ.
මේ හා සබැඳි පෙර පළවූ ලිපිය පහතින්:
