Skip to content
TechWorld

Netflix බලන අන්තිම දවස් ටික?

ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ දෙනා Netflix නැරඹිම සිදු කරන්නේ තමන්ගේ ධනවත් මිතුරකු විසින් ගෙවීම් සිදු කරන Netflix ගිනුමක් හුවමාරු කරගැනීමෙනි. මෙය බෑලූ බැල්මටම ඔවුන් හට අලාභ ගෙන දෙන්නක් බව පැහැදිලිය. එබැවින් මේ සදහා ක්‍රියාමාර්ගයක් ගන්නා බව Netflix ආයතනය කල් තියාම දැනුම් දුන්නේ බොහෝ දෙනාගෙ සිත් පාරවමිනි.

ඔවුන් මෙයට විසදුමක් ලෙස යම් මුදලක් ගෙවා ගිනුම හුවමාරු කරගැනීමේ අවස්ථාවක් නැතහොත් paid sharing option එකක් ලබා දීමට සූදානම් වනවා. මෙය ඇමරිකාව තුළ 2023 වර්ෂයේ මුල් කාර්තුව අවසානයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් නව නිවේදනයකින් Netflix දැනුම් දෙන්නේ එය මදක් ප්‍රමාද වන බවයි. එනයින් මෙම යාවත්කාලීන කිරීම ඇමරිකාව තුළ ජූනි 30 හෝ ඊට පෙර සිදු වනු ඇතැයි ඔවුන් පවසනවා. දෙවන කාර්තුවේදි එය පුළුල්ව සිදු කරනු ඇති.

මෙම නිවේදනයට අමතරව ඔවුන් විසින් අවුරුදු 25ක් පුරාවට සිදු කරගෙන ආ තැපෑලෙන් DVD බෙදාහැරීමේ ව්‍යපාරයටද තිත තබන්නට Netflix ආයතනය තීරණය කර තිබෙනවා.

Netflix kisses mail-order DVDs goodbye
More than 16 years after pivoting to streaming, Netflix is saying goodbye to its mail-order DVD business, co-CEO Ted Sarandos said.

Netflix හි මෙම නව නීතියත් සමග, ගිනුම සැකසීමේදී අපගේ පිහිටීම (primary location) ඔවුන් වෙත ලබා දිය යුතුයි. එසේ ලබා දුන් පිහිටුමෙහි ජීවත් නොවන අයෙකුට එම ගිනුම භාවිතා කිරීමට අවශ්‍ය නම් අතිරේක සාමාජිකයෙකු ලෙස මුදල් ගෙවා එය භාවිතා කළ යුතුය. ඒ අයුරින් අතිරේක සාමජිකයන් දෙදෙනෙකුට එක් ගිනුමක් හා සම්බන්ධ වීමට හැකියාව ඇත. මේ සදහා අය කරන ගාස්තුව රටින් රටට වෙනස්ය. කැනඩාවේ ඒ සදහා CAD $7.99 ක්ද පෘතුගාලයේ €3.99 ක්ද අය කරයි.

මේ නවීකරණයත් සමග ඔවුන්ගේ ආදායමේ ඉහළ යාමක් මෙන්ම දෙපාර්ශවයටම (ආයතනයට හා සාමාජිකයන්ට) යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි Netflix ආයතනය ප්‍රකාශ කර සිටිනවා. මෙම දැනුම්දීම ලබා දීමෙන් අනතුරුව ඇතැම් අය Netflix භාවිතය අතහැර දැමුවත් කාලයත් සමග, මෙතෙක් Netflix භාවිතා නොකළ අය එය භාවිතාකිරීමේ හා භාවිතා කරමින් සිටින අය අතිරේක සාමාජිකයින් සම්බන්ධ කරගැනීමේ ප්‍රවණතාවක් ඇතිවෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

ඇමරිකාවේ ඉහත කී යාවත්කාලීන කිරීම සිදුකිරීමෙන් අනතුරුව, යම් කාලසීමාවකින් පසු ලංකාවේද මෙය ක්‍රියාත්මක වනු ඇති. එබැවින් වෙනත් අයෙකුගේ ගිනුමකින් නොයැපී තමාගේම ගිනුමක් සකසාගැනීමට හැකි තරම් මුදලක් උපයන අයෙක් වීමට වෙර දරන්න :)

Latest