Skip to content

ශ්‍රී පාදයේ නම ලෝකයට ගෙනියන අලුත් නෙළු ශාකය.

ශ්‍රී පාදය ආශ්‍රිතව නව නෙළු ශාක විශේෂයක් හමුවී ඇති බවට වාර්තා වී තිබෙනවා.මෙම මල් විශේෂය හමුවීම ඉතා සුවිශේෂී අන්දමින් සිදු වූ දෙයක් විදියට හඳුනාගත හැකිය.එනම් 2021දී වර්ෂයේ  ඇතුළු පර්යේෂකයන් පිරිසක් සිරිපාද රක්ෂිත වනාන්තරයට ඇතුළු වන්නේ ගම්මිරිස් සහ වෙරළු වර්ග පරීක්ෂා කිරිමටයි.මෙම පර්යේෂණ කටයුතු සඳහා නිරතව සිටී‍යදි සිරිපාද මාර්ගය එළිපෙහෙළි කිරීමේදී කපා තිබූ අතු අතර තිබි මෙතෙක් දැක නොතිබු ශාක වීශේෂයක් දැක ගන්න ලැබෙනවා.ඔවුන්  මෙම ශාකය තවදුරටත් නිරික්ෂණය කරනු ලබන අතර එහිදි ශාකය නෙළු ශාකයක් ලෙසට තීරණය කළද එහි මල් පිපි නැති ආකරය දක්නට ලැබේනවා.නෙළු ශාකවල මල් හටගනු ලබන්නේ වසරේ එක් කාලයක පමණයි.

මෙම ශාකය භාතිය ගොපාල්ලව සහ ඉන්ද්‍රඛිල මාදොළ යන දෙදෙනාට හමුවි ඇත්තේ 2021 දෙසැමිබර් මාස 06 වන දාය.මොවුන් දෙදෙනා මෙම ශාකය තිබෙන අතු කැබැල්ල රක්ෂිතයෙන් එළියට ගෙන එමට අවසර නොමැති නිසාවෙන් එය ඡායාරූප ගත කරන අතර අතු කැබැල්ල හමුවු ස්ථානය GPS තාක්ෂණයෙන් සළකනු කිරිමට වග බලාගෙන ඇත.
මේ වන විටත් මෙරට නෙළු විශේෂ පිළිබදව දිර්ඝ කාලයක්  පර්යේෂණය කරනු ලැබු ආචාර්ය සිරිල් විජේසුන්දර රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නිමේෂ් දිල්රුවන් යන තිදෙනාගෙන් නිලන්තිට සහ නිමේෂ්ට  භාතිය දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.එහිදි භාතිය විසින් විහිළුවට Strobilanthes Sripadensis ශාකය හමුවේලා ඇතිදැයි විමසා ඇත.නමුත් එ වන විටත් එවැනි ශාකයක් සොයාගෙන තිබුණේ නැත.කෙසේ හෝ එදිනම භාතිය විසින් එම ශාකයේ ලබාගත් ඡායාරූප ඊමේල් කොට ඇත.

එ අනුව පර්යේෂකයන් මෙම නව ශාකය තවදුරත් අධ්‍යණය කරනු ලැබු අතර එහිදි මෙම ශාකයේ මල් දැක නොතිබුණද පත්‍රය අනුව නෙළු විශේෂයක් බව තේරුමි ගෙන ඇත.
එවාගේම එම ඡායාරූප දුටු නිලන්ති ප්‍රකාශ කොට ඇත්තේ 2018 වර්ෂයේදි එම ශාකය තමාටද නිරික්ෂණයවු බව සහ එහිදි මල් දක්නට නොලැබුණු බවත්ය.ඇය එම නෙළු ශාකය දකින විට එහි පදුරු 100ක් පමණ දැක ඇති අතර නමුත් භාතිය සහ ඉන්ද්‍රඛ්ල දැක ඇත්තේ පදුරු 20ක ප්‍රමාණයක්ය.එ අනුව කලින් කල ශ්‍රී පාද වන්දනාව සදහා මාර්ගය එළිපෙහෙලි කිරිමේදි ශාක වැස්ම ඉවත් කරන්නට කරන්නට ඇතැයි සිතිය හැකිය.

එ අනුව එම ශාකයට අදාළ පර්යේෂණය Phytotaxa වෙබි සගාරාවේ 592 vol.2 ප්‍රකාශයට පත්කොට ඇත.මෙහිදි සුවිශේෂි කරුණ වන්නේ භාතිය විසින් විහිළුවට කියන ලද  Strobilanthes Sripadensis යන උද්හිද විද්‍යාත්මක නාමයම එම ශාකයට යෙදිමයි.

අදාළ පර්යේෂණ පත්‍රකාව පහත දැක්වේ.

https://www.mapress.com/pt/article/view/phytotaxa.592.2.6?fbclid=IwAR0E0eDBSgQ93QtskjeWSfDRLV86jRQlwUpwZmTR5YXNpIV9jF8rEMeYBk0

මෙම අලුතින් සොයා ගත් නෙළු විශේෂයට  Strobilanthes Sripadensis ලෙස උද්හිද විද්‍යාත්මක නාමයක් යොදා ඇත්තේ එය ශ්‍රීපාද රක්ෂිතයෙන් හමුවිම සහ ශ්‍රී පාදය නාමය ලෝකයේ ප්‍රචලිත කිරිමේ අරමුණ ඇතිවයි.එ අනුව මෙම නව සොයා ගැනිමත් සමග  ශ්‍රී ලංකාවෙන් හමුවූන Strobilanthes යන ශාක ගනයට අයත්වන විශේෂ සංඛව 35ක් දක්වා ඉහළ ගොස් ඇත.එයින් 30ක්ම මෙරටට අවේණික විශේෂ ශාක විම රටේ ජෛව විවිධත්වය  ලෝකයට විදහා පාන්නකි.
පර්යේෂකයන් පවසන ආකාරයට Strobilanthes ගනයේ මෙම ශාක විශේෂ 450ක් පමණ ලෝකය පුරා සොයාගෙන ඇත.එ අනුව මෙම ශාකය ආසියානු සහ පැසිපික් කලාපවල ව්‍යාප්තියක් දක්වනු ලැබේ.එවාගේම මෙම ශාකය ශ්‍රී ලංකාවේ කදුකර සහ උප කදුකර වනාන්තරවල වගේම පහතරට තෙත් කලාපීය වනාන්තර වල සුලබව දකින්නට ලැබෙන අතර අතරමැදි සහ වියළි කලාපයේද සිමා සහිතව දකින්නට ලබෙන බව වර්තාවේ.

භාතිය මෙම නෙළු ශාකය පිළිබදව වැඩිදුරටත් සදහන් කරයි.
"මේ ශාක ගනයේ  බොහෝ විශේෂ වන වනාන්තරවල යටිරෝපණයේ කුඩා පදුරු ලෙස දක්නට පුළුවන්.බොහෝ විට විශාල ගහනයන් ලෙස දක්නට ලැබෙනවා.හෝර්ටන් තැන්නෙන් හමුවන නෙළු විශේෂ වසර 12කට වතාවක් මල් පිපෙනවා කියන කතාව ඉතාම ජනප්‍රියයි.මේ නිසාම  නෙළු කිව්ව ගමන් බෝහෝ දෙනෙක් හදුන්වන්නේ එය විශාල කාල පරතරයක් සහිතව මල් පිපෙන ශාකයක් හැටියටයි.එත් හැම විශේෂයම එහෙම නැ.ගොඩක් වෙලාවට මල් පිපිලා ශාකය මැරිලා ගියාට පස්සේ ආයේ කාලෙකින් හිතකර දේශගුණික තත්වයක් ආවම පස්වල තැන්පත් වෙලා තිබුණු ශාක බිජ පැලවෙලා වර්ධනය වී මල් හට ගන්නවා.මේ අතර අයහපත් දේශගුණයක් දිගටම තිබුනොත් මේ ශාක  විශේෂ සමිපුර්ණයෙන්ම වදවෙලා යන්නත් පුළුවන්.හන්තානේ තිබුණු නෙළු විශේෂයක් වනාන්තර ගිනි තැබිම නිසා වද වී ගියා කියලා හිතාගෙන හිටියත් මැතක දි එම විශේෂය වර්තා වුණා"

මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ සිරිල් රේනුකා නිලන්ති රාජපක්ෂ,භාතිය ගොපල්ලව සහ හිමේෂ් දිල්රුවන් ජයසිංහ යන පිරිසයි.එවාගේම මහාචාර්ය දිප්ති යකන්දාවල, අචාර්ය සිරිල් විජේසුන්දර,භාග්‍යා ජයවර්ධන,රුක්මල් රත්නායක,නුවන් ජයවර්ධන මෙන්ම වනජීවී දේපාර්ත්තුමේන්තුවේ සේයසිංහ යන පිරිසද ශාකය සොයා ගැනීමේදි  සහය වූ  ඉන්ද්‍රඛ්ල මාදොළ ශාකය තවදුරටත් වර්තා කළ අරුණ විජේනායක සහ ගයාන් ප්‍රසංග යන සියලු දෙනාත් පර්යේෂණ කණ්ඩායම ස්තුති පුර්වකව සිහිපත් කරනු ලබයි.

Latest