Skip to content

ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසුරියට ඇප ලබාදෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද (07) පෙරවරුවේ විභාගයට ගැනුණ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා, ඇයව මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද දහවල් කොළඹ අංක 04 මහාධිකරණයේදී විභාගයට ගැනුණ අතර එහිදී  ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා විසින් ඇයට ඇප ලබාදීමට නියෝග කරනු ලැබුවා.

එහිදී, විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රොහිත බොගොල්ලාගම පාර්ලිමෙන්තුවේ සිදුකල ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරන විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්තාදායකය මගින් ලංකාවට හදුන්වා දුන් අරමුනින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බව දක්වා සිටියා. ඒ වගේම ICCPR පන​තේ 3(1) යටතේ වරදක් සංස්තාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදා ගැනීම සුදුසු වන බව වන බවත් එ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බව ගරු විනිසුරුතුමා සිය තීන්දුව ප්‍රකාශ කරමින් තවදුරටත් පවසා සිටියා.

Latest