Skip to content

නන්දලාල් කියන්නේ බොරු

Nandalal Vs Manju

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඩොලර් බිලියන 2ක් පමණ වෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරලා තිබෙනවා. IMF එකඟතා සම්පුර්ණ කිරීමට මේ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ. නන්දලාල් ප්‍රමුඛ මහබැංකුව අත්තනෝමතිකව මේ වගේ තීන්දු තීරණ ගන්නේ රජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කියලා තමයි පෙනෙන්න තිබෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන දැන් මහ බැංකුව කියන්නේ ඒගොල්ලො අරගෙන තියෙන කෙටිකාලීන බැඳුම්කර පමණක් ප්රතිව්යුහගත කරල ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියල.

මේ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් මංජු නිශ්ශංක පහුගිය දවසක  කළා.

මේක තනිකරම ජනතාව රවට්ටන්න කියපු කතාවක්,  කෙටිකාලීන බැඳුම්කර පමණක්  ප්රතිව්යුහගත කරලා මේ තත්ත්වය පාලනය කරන්න බැහැ.  මේ වනකොට කෙටිකාලීන බැඳුම්කර තියෙනවා බිලියන 4.2 පමණ, එයින් 62% අරගෙන තියෙන්නේ. මහ බැංකුව දැන් කියන්නේ මේ 62%  ක  ප්‍රමාණය ප්රතිව්යුහගත  කිරිම ඇති කියලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2කට ආසන්න  ප්‍රමාණයක්,  2023 වර්ෂයට අපිට අවශ්‍ය කරන ණය සහනය ඩොලර් බිලියන 3.3 ඒ වගේම 2024,2025, 2026 2027 යන සියලු වර්ෂ වලට අදාළව මේ වගේම ණය සහනයක් අපිට අවශ්‍යයි.  මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් IMF එක ඉදිරිපත් කරපු වාර්තාවෙ තියෙනවා.  කාරණාව තමයි මේ සහනය අවශ්‍ය වෙන්නේ අයියේ මේ ADB, World Bank වලින් ලැබෙන මුදල් ලැබුණටත් පස්සේ තමයි මේ සහනය අවශ්‍ය වෙන්නේ, වැඩිදුර විස්තර සඳහා පහල link එක click කරන්න

Latest