Skip to content

නාය යෑමේ අවධානමක් නිසා පස්සර දෙමළ විද්‍යාලයේ පන්ති 3ක් වැසේ

ජයලත් දිසානායක - බදුල්ල

නාය යෑමේ අවධානමක් හේතුවෙන්  පස්සර දෙමළ මහා විද්‍යාලයේ පන්ති 3 ක් තාවකාලිකව නතර කිරීමට අද (02) පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා සදහන් කලේය.

පන්ති තුන පිහිටා ඇති ගොඩනැගිල්ල ආසන්නයේ ඇති වේල්ල නාය යෑමත් සමගින් ඇතිවිය හැකි අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මෙම පන්ති 3  අද (02) සහ හෙට (03) තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති අතර පාසලේ අනෙකුත් ගොඩනැගිලිවලට කිසිඳු හානියක් සිදුවී නොමැති බවද විදුහල්පතිවරයා පැවසීය.

මෙම පාසලේ පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව 1270 ක් හා ගුරු මණ්ඩලය 60 කි.

Latest