බටහිර ඔස්ට්‍රේලියානු වෙරළ තීරයට ගොඩගසා ඇති හඳුනා නොගත් ගෝලාකාර වස්තුවක් හේතුවෙන් එරට පොලීසිය යම් ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් පමණ වන්නට දුරින් පිහිටි ග්‍රීන් හෙඩ් වෙරළ තීරයේදී මෙම දැවැන්ත ලෝහ වස්තුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.
ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් මේ වන විට මෙම ලෝහ වස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතරම, ඔවුන් දක්වා ඇත්තේ එය වාණිජ ගුවන් යානයක කොටසක් යැයි දැනට විශ්වාස කළ නොහැකි බවයි.
තහවුරු කරගන්නා තුරු එය අනතුරුදායක යමක් ලෙස සලකා කටයුතු කිරීමටත්, එනයින් අදාළ ලෝහ වස්තුව අසලට නොයා යම් ආරක්‍ෂිත දුරක් තබා ගන්නා ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ග්‍රීන් හෙඩ් වෙරළේ පදිංචිකරුවන් පැවසුවේ සිලින්ඩරයේ පළල මීටර් 2.5 ක් සහ දිග මීටර් 2.5 ත් 3 ත් අතර වන බවය. සෙනසුරාදා රාත්‍රියේදී අවට නිවැසියන් මෙම සිලින්ඩරාකාර වස්තුව නැරඹීමට එම ස්ථානයට යොමුවී ඇති අතර ඔවුන් එය කලකට පසුව විඳගත් අපූරු සන්ධ්‍යාවක් ලෙස විස්තර කර ඇත.
මේ සම්බන්ධයෙන් විවිධ විද්වත් පාර්ශව පළකරන ලද අදහස් පහත පරිදිය.
- ගුවන් සේවා විශේෂඥ ජෙෆ්රි තෝමස් මහතා පැවසුවේ මෙම අයිතමය පසුගිය මාස 12 තුළ කිසියම් අවස්ථාවක ඉන්දියානු සාගරයට වැටී ඇති රොකට්ටුවකින් වෙන් වූ ඉන්ධන ටැංකියක් විය හැකි බවයි.
- ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කර ඇත්තේ මෙය වෙනත් රටක අභ්‍යවකාශ දියත් කිරීමේ මෙහෙයුමකදී යානයක කඩා වැටුණු කොටසක් විය හැකි බවත් ඒ සම්බන්ධව තහවුරු කර ගැනීමට ඔවුන් වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත්ය.
- 2014 වසරේ බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වූ ගුවන් පථයේ මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 යානයේ කොටසක් විය හැකි බවට ද යම් අනුමානයක් පවතී.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම වස්තුවේ මූලාරම්භය සහ ස්වභාවය තීරණය කිරීම සඳහා විවිධ රාජ්‍ය සහ ෆෙඩරල් ආයතන සමඟ සහයෝගී ප්‍රයත්නයක සක්‍රීයව නිරතව සිටින බවත් ඒ සම්බන්ධව ප්‍රජාවට ඔවුන් විසින් සහතික කිරීමක් සිදු කරන බවත් ය.
