ප්‍රතිකාර ලබමින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලියේ සිටින මුතු රාජා තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා විසින් මෙරටට දන්වා ඇතැයි වාර්ථා වෙයි.
ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසුව ඒහි පරිසරයට ඉතා ඉක්මණින් හුරු වූ මුතු රාජා මේ වන විට තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් සිල්පා මහතා ප්‍රකාශ කර ඇත.

බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේන අතරම දින 30 ක නිරෝධායන කාලය අවසන් වූ පසු දකුණු ඇසේ සුද ඇති වී සිටින මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට සුළු තුවාල ඇති වී තිබුණත් ඔවුන් රැක බලාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේන අතරම ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල තායිලන්ත ඇතුන් දෙදෙනා රැක බලාගැනීමට එම විශ්ව විද්‍යාල වලට හැකි බවටද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.