Skip to content

එක්දින ලෝක කුසලානය ජයගන්නා රට ගැන අනාවැකි කියන මුරලි.

2023  මෙවර ලෝක කුසලානය ඉන්දියාව හෝ එංගලන්තය දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බවට දඟ පන්දු ලොව කිරුල පැළඳු ශ්‍රීලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසා සිටියි.

ඉන්දියාවේදී ලෝක කුසලාන තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන්නා මෙලෙස මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් වැඩි දුරටත් පවසා සිටියේ,

සත්කාරකත්වය වාසියකට හරවා ගනිමින් ඉන්දියාවට මෙවර ලෝක කුසලානය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් හමිව තිබෙන් අතරම එංගලන්තයද මේ වන විට එක්දින ශ්‍රේණි ගතකිරීමේදී ඉහලින්ම දක්ෂතා ඇති අතරම ඔවුන්ගේ කණ්ඩායම් දක්ෂතා පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී එංගලන්තය සහ ඉන්දියාව අවසන් මොහොතේදී ප්‍රතිවාදීන් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවටය.

කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගය 2019 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් වූ එංගලන්තය සහ අනුශූරයින් වූ නවසීලන්තය අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවති.

Latest