Skip to content

මුන්නේෂ්වරම නිකිණි මංගල්‍ය සැප්තැම්බර් 01 වෙනිදා.

හලාවත - මුන්නේෂ්වරමේ ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍ය ලබන සැප්තැම්බර් මස 01 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.නිකිණි මංගල්‍ය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඊශ්වර දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මචාරී එස්.පද්මනාභ කුරුක්කල් තුමන් ‍මේ බව කියා සිටියේය.

ඒ අනුව අගෝස්තු මස 03 වෙනිදා පෙරවරු 10.00 ට කප් සිටුවීමට නියමිතව ඇත. කප් සිටුවීමෙන් අනතුරුව දිනපතා විශේෂ පුජාවන් සහ පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත.අගෝස්තු මස 25 වැනිදා ගිනි පෑගීමේ මංගල්‍ය පැවැත්වීමට නියමිත අතර, දිය කැපීමේ මංගල්‍ය අගෝස්තු 30 වෙනිදා හලාවත දැදුරුඔයේදී සිදු කිරීමට නියමිතය.

මෙවර මංගල්‍යට සහභාගි වීමට පැමිනෙන බැතිමතුන් හැකි තරම් පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලමක් කරන බව ප්‍රධාන පුජක එස්.පද්මනාභ කුරුක්කල් තුමන් කියා සිටියේය. පොලිතින් සහ ප්ලාස්ටික් යනු ලෝකයටම හානියක් බවට මේ වන විට හදුනා තිබෙන බවද ප්‍රධාන පූජකවරයා කියා සිටියේය.

මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලය 6 වන පරක්‍රමබාහු රජ සමයේ ඉදිකරන ලද්දක් බව කියති. පසුව මහනුවර රාජධානිය කර ගත් වික්‍රම රාජසිංහ රජ තුමන්ද, කීර්ති රාජසිංහ රජතුමන්ද දේවාලය වැඩි දියුණු කළ බව කියති. පසුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බව කියන බ්‍රහ්ම කුමාරස්වාමි කුරුක්කල්, බ්‍රහ්ම බාලසුබ්‍රමනියම් කුරුක්කල් යන ප්‍රධාන පුජකවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර කුම්භාභිෂේක කර ඇති බව දේවලය පිළිබදව ඇති අතීත කථා පුවත් වල කියවේ.

Latest