Skip to content

මුලතිව් මුහුදේ මසුන් අඩුයි - මුලතිව් ධීවරයෝ කියති

මුලතිව් මුහුදේ අද වන විට මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇති බවට මුලතිව් ධිවරයින් මැසිවිලි නගති. ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ තහනම් පන්න ක්‍රම භාවිතයෙන් පිටස්තර ධිවරයින් ඉවක් බවක් නොමැතිව මසුන් ඇල්ලීම හරහා මුලතිව් මුහුදේ අද වන විට මත්ස්‍ය අස්වන්න අඩු වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශයේ සම්ප්‍රධායික ධිවර රැකියාවේ නිරත වන ධිවරයින් මෙසේ මත්ස්‍ය අස්වනු අඩුවී වීම හරහා ධිවර රැකියාවට අද වන විට නොයන බව එම ධිවරයින් පවසයි. කෙසේ වෙතත් ධිවරයින් පෙන්වා දෙන්නේ සාගර පරිසර පද්ද්ධතියට හා මත්ස්‍ය අස්වැන්නට බාධා වන තහනම් පන්න ක්‍රම භාවිතා කරන ධිවරයින්ට එරෙහිව නිතිය නිසි පරිදී ක්‍රියාවට නන්වන ලෙසයි .

Latest