Skip to content

රටකට අභියෝග කරපු අම්මාගෙ ආදරේ..

ෆිල්ම් එක පටන් ගත්තු වෙලාවෙ ඉදන් පපුව හිරවෙන ෆිල්ම් එකක් කාලෙකට පස්සෙ බලන්න හම්බුණා. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු Mrs Chatterjee vs Norway ෆිල්ම් එක රිලීස් වෙන්නෙ 2023. අධ්‍යක්ෂණය කරන්නෙ Ashima Chibber. ප්‍රධන චරිතය නිරූපණය කරන්නෙ Rani Mukerji. ෆිල්ම් එකේ කතාව ගැන මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා ඇති කියලා හිතනවා. කොහොම වුණත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් බලාගෙන ඉද්දි අහිමි වෙනවා කියන්නෙ ලෙසි දෙයක් නෙවෙයි. එකත් තමන්ගේ මව් රටේ ගොඩක් ඇතකදි. ෆිල්ම් එක තාම අලුත්, ඒ නිසා තාම බලපු නැති ගොඩක් අය ඉන්න පුලුවන් කියලා හිතනවා. ඒ නිසා  කතාව ගැන වැඩි විස්තර නොකියා සමාජ කාරණාව ගැන ලියන්න හිතුණා. සංස්කෘතිය කියන්නෙ අපිට අපේ ඇගෙන් වෙන් කරගන්න අමාරු දෙයක්. අපි නොයෙක් අවස්තාවලදි උත්සාහ කරන්නෙ නැතුව නෙවෙයි. ඒත් දරුවන් සම්බන්දව ඉන්දියානු ගැහැණියකට තියෙන සංස්කෘතික සම්බන්ධය හරි විශාලයි. එක ලංකාවටත් ගොඩක් වෙලාවට අදාලයි. ඒ විතරක් නෙවෙයි මම ආසයි මේ ෆිල්ම් එකෙන් ස්ත්‍රිය අම්මා කියන චරිතය ඇතුලේ ෆ්‍රෙම් කරන විදිහට. ඒ ෆ්‍රෙම් එක කඩාගන්න කොච්චර උත්සාහ කරත් හරිම අමාරුයි. එතනදි අම්මා සහ තාත්තා දෙදෙනාම වග කිව යුතු තැනකදි ඇගිල්ල දික් කරන්නෙ අම්මාට. ඒක මේ ෆිල්ම් එකේ හරි සැරට අවස්තා කිපයක කතා කරනවා. මේ ෆිල්ම් එක හරිම වෙදනාත්මක විදිහට ගලාගෙන ගියත් අපිට මේ ෆිල්ම් එක ඇතුලෙන් ගන්න දෙවල් ගොඩක් තියෙනවා කියලා මම විස්වාස කරනවා. ප්‍රධාන දෙයක් තමයි සංස්කෘතික සිමාවෙන් පිටතදී ළමයාට ලැබිය යුතු රැකවරණය ළමයාගේ ආරක්ශාව පිළිබද රජයේ වගවීම වැනි කාරණා. ෆිල්ම් එකේනම් ඒ අදහස තිබුණාට කතාව ඇතුලේ ඒක ක්‍රියාත්මක වීමේදි නිත්‍යානුකුල නොවන ව්‍යාපාරයක් බව පෙනුනත් ළමයෙක් රැකගැනිම සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කරන කාරණා වැදගත් කියලා හිතනවා. මොකද අපේ වගේ රටක වුනත් ළමයිට මීට වඩා විශේශ අවධානයක් ලැබිය යුතුයි කියලා මම විස්වාස කරනවා. කොහොම වුනත් ෆිල්ම් එක පුරාම අම්මාගේ හදවතේ තමන්ගේ දරුවන් වෙනුවෙන් තියෙන ඉඩ සහ තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියන එක අපිට අරන් එනවා. එතන විශේශම දෙයක් වෙන්නෙ ඉන්දියානු අම්මා එහෙම තමයි කියන එක ෆිල්ම් එක ඇතුලේ හරිම සාර්තක විදිහට කියන්න උත්සාහ කරන එක. මේ ෆිල්ම් එකේ Rani Mukerji ගේ රංගනය ගැන කතා නොකරම බෑ. චරිතයට අනුව තමන්ගේ ශරීරය පවා වෙනස් කරගනිමින් ඉතාම සාර්ථක ලෙස චරිතයේ ජිවත් වෙන්න රානිට පුළුවන් වෙලා තියෙනවා. කොටින්ම ෆිල්ම් එක මේ තරම් හදවතට දැනෙන්න රානිගේ රංගනය ලොකු හේතුවක් කියලා මට හිතෙනවා. කොහොම වුණත් අවසානයේ අම්මාගේ ආදරය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය ඉන්දියානු මවගේත් ඉන්දියාවෙත් ජයග්‍රහණයක් කරන්න ෆිල්ම් එක අවසානයේ පුළුවන් වෙනවා. ඒතමයි ඉන්දියාව තමන්ගේ රට ගැන ලෝකෙට කියන විදිහ.

- ෂදි - (Shadisa Dharmaprema)

Latest