Skip to content

වැඩිම කේවල පිහිනුම් ලෝක ශූරතා වාර්තාව අලුත් වෙයි

GETTY IMAGES

ලොව වැඩිම කේවල පිහිනුම් ලෝක ශූරතා දිනාගැනීම සඳහා වන වාර්තාව පසුගිය ජූලි 29 වන දින අලුත් වුණා. ඒ 26 හැවරිදි ඇමෙරිකානු ජාතික පිහිනුම් ක්‍රීඩිකා කේටි ලෙඩේකී (Katie Ledecky) සිය 16වන ලෝක ශූරතාවය දිනාගැනීමත් සමගයි.

මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ සුප්‍රකට පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් වන අතර මීට අමතරව ඔලිම්පික් රන් පදක්කම් 7ක් දිනා සිටින ලෙඩේකී ලෝක ශූරතාව අඛණ්ඩව 6 වැනි වතාවට දිනාගත් පළමු පිහිනුම්කරු බවටද පත් වුණා.

“It’s special. I really didn’t even know I was going to achieve that until people started telling me. It’s cool,” the seven-time Olympic gold medalist said.
“I’m happy with that swim. I wanted it to be a little better, but I’ll take it. I’m really pleased with how the week went.”

තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන ලදී.

මෙම වාර්තාව අලුත් වුණේ පසුගිය දිනවල ජපානයේ ෆුකුඔකාහීදී (Fukuoka) පැවැත්වුණු ලෝක ජල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 නිදහස් ආර පිහිනුම් ඉසව්ව මිනිත්තු 8යි තප්පර 8.87 කින් අවසන් කිරීමත් සමග වන අතර ඇය පසුගිය ජුලි 24වන දින මීටර් 1500 නිදහස් ආර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කර ෆෙල්ප්ස්ගේ වාර්තාව සම කිරීමට ඇය සමත් වුණා.

Latest