මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට ජපානයේදී සීමාවාසික පුහුණුව ලබා ගැනීමට ඇති හැකියාව සම්න්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඉකුත් 04 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී පවත්වන ලදි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක සහ ජපානයේ සුගා මුගන් ආයතනයේ සභාපති ආචාර්ය නොරිකි සුගා මහතා අතර මෙම සාකච්ඡාව පවත්වන ලදි.
සුගා මුගන් ආයතනය සීමාවාසික තරුණ තරුණියන් බදවා ගෙන පුහුණුවීම් ලබා දෙන ජපානයේ පිහිටි ප්‍රකට ආයතනයකි.එම ආයතනයේ සභාපති නොරිකි සුගා මහතා ඇතුළු නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් කරන ලද ඉල්ලීමට ජපානයේ සුගා මුගන් ආයතනයේ නිලධාරීන්ගේ ඉහළ ප්‍රතිචාරයක්ද ලැබී ඇත. මෙරට තරුණ තරුණියන් ඉහළ තාක්ෂණික හැකියවකින් යුක්ත ඉතාමත්ම කරුණාවන්ත පිරිසක් බවද ජපාන නියෝජිත පිරිස මෙම සාකච්ඡාවේදී පවසා ඇත.
මේ අතර, මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපන, කටයුතු සදහා දැනට සිදු කර ඇති සේවාවන් අගය කරමින් සුගා මුගන් ආයතනයේ සභාපති ආචාර්ය නෙරිකි සුගා මහතාට විශේෂ ගෞරව සන්නස් පත්‍රයක් ප්‍රදානය කිරීමද පසුගියදා අනුරාධපුරයේදී සිදු කරන ලදි.
මෙරට තරුණ තරුණියන්ට ජපානයේදී සීමාවාසික තාක්ෂණික පුහුණුව ලබා ගැනීම සදහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ සුගා මුගන් ආයතනය 2001 වසරේ දෙසැම්බර් මාසයේදී අවබෝධතා ගිවිසුමකට අස්සන් තබා ඇත. එම ගිවිසුමට අනුව මෙරට තරුණ තරුණියන් 25 දෙනෙකු මේ වන විට ජපනයේ සුගා මුගන් ආයතනයේ පුහුණුව ලබමින් සිටී.