Skip to content

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් තවත් මූල්‍ය ආධාර.

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට තවත් මූල්‍ය ආධාර තොගයක් ලබාදීමට ගිවිසුම් අත්සන් කිරීම මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩාකි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

ජපාන රාජ්‍ය මුල්‍ය ආධාර යටතේ යාපනය,කිලාලි කලපුව ආශ්‍රීත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම මේ දිනවල සිදුකරති.

බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ෂාෆ් ආයතනය හරහා යාපනය,කිලාලි කලපුව හා මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම වර්තමානයේ සිදුකරනු ලබයි.

උතුරු පළාතේ සංචාරයට එක්වු ජපාන තානාපතිවරයා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ අතර, ඉදිරි වර්ෂය වෙනුවෙන් වෙනුවෙන් ඊට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ගිවිසුම්ගතවීමට එහිදි සිදුකළහ.

වැඩසටහන් අවස්ථාවන් වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය,ෂාෆ් ආයතන නිළධාරීන්,ජපන් තානාපති කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Latest