Skip to content

මෝඛා සුළි කුණාටුවෙන් බංගලාදෙශයටයි. මියන්මාරයටයි දැඩි බලපෑම්.


මෝඛා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට දැඩි බලපෑම් එල්ලවීම හේතුවෙන් එහි දෛනික් කටයුතු විශාල වශයෙන් ඇණහිට ඇති බවට විදේශ් මාධ්‍ය පවසා සිටියි.

සුළිකුණාටුවත් සමග ඇති වූ තද වැසි සහ තද සුළං හේතුවෙන් වෙරළාසන්න පහත් බිම් ප්‍රදේශවල නිවාස රැසකට හානි සිදුව ඇති බවටත් වෙලබඩ ජනතාව දැඩි සෙයින් විපතට පත්ව ඇති බවටද සඳහන් කර සිටියි..

සුළු කුණාටුව මියන්මාරයේ වෙරළබඩ ප්‍රදේශවලට කඩා වැදී ඇත්තේ පැයට කිලෝමීටර් 209ක පමණ වේගයකින් වන අතර එම සුළිකුණාටුව හේතුවෙන් මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශයේ පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුර වන කොක්ස් බසාර් හි තාවකාලික නිවාස 1,300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙද්දි බංග්ලාදේශයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පුද්ගලයින් ලක්‍ෂ 5 කට වැඩි වැඩි පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර ඇති බවද විදෙස් මධ්‍ය වාර්තා කරයි.

නගර රැසක විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු පොදු සේවා රැසක් බිද වැටී ඇති අතර මෝඛා සුළි කුණාටුවේ සම්පූර්ණ බලපෑම මෙතෙක් තක්සේරු කර නොමැති බවයි දෙරටේ බලධාරීන් වැඩි දුරටත් පවසා ඇත්තේ.

මේ අතර අවධානම් කලාපයන්හි සිටි ජනතාව එම ප්‍රදේශයන් වලින් ඉවත්වුනද ගවයින්, එළුනවන් ආදි සතුන් බොහො ප්‍රමාණයක් මෙම සුලිකුණාටුවට මැදිව තිබෙන බවටත් විශාල සතුන් ප්‍රමාණයක් මිය යාමේ අවධානමක්ද පවතින බවට වාර් ථා වෙයි.

Latest