Skip to content

මෝදිගේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එරට අගමැති Anthony Albanese ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුමක් නිවේදනය කරයි.

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඉන්දියාව හැඳින්වූයේ "ප්‍රධාන උපායමාර්ගික හවුල්කරුවෙකු" ලෙසිනි. මූලාශ්‍ර : විදෙස් මාධ්‍ය තුලිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බදාදා දින​ සිඩ්නිහිදී එරට​ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. ගිවිසුම් ප්‍රකාරව සිසුන්, උපාධිධාරීන්, ශාස්ත්‍රීය පර්යේෂකයන් සහ ව්‍යාපාරිකයින්ගේ දෙරට අතර සංචරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු වී තිබේ. කලාපයේ ඉහළ යන යම් යම් ආතතීන් මධ්‍යයේ කලාපීය ආරක්‍ෂාව තහවුරු කිරීම පිළිබඳව ද ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ජපානය සහ එක්සත් ජනපදය ද ඇතුළත් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස කටයුතු කරති. (four-member quad group) එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හට ණය සීමාව පිළිබඳ සාකච්ඡා සඳහා නැවත වොෂින්ටනයට යාමට සිදුවීමෙන් පසු පසුගිය සතියේ සිඩ්නි හි පැවැත්වීමට නියමිතව තිබූ කණ්ඩායමේ රැස්වීම අවලංගු කරන ලදී. කෙසේ වෙතත් මෝදි ජපානයේ G7 සමුළුවට සහභාගී වී අනතුරුව​ පැපුවා නිව්ගිනියාව වෙත​ ගිය පසු සිඩ්නි වෙත සිය සැලසුම් කළ සංචාරය දිගටම කරගෙන ගියේය.

2014 වසරෙන් පසු මෝදිගේ පළමු ඕස්ට්‍රේලියානු සංචාරය මෙය වන අතර ඇල්බනීස්ගේ මාර්තු මස ඉන්දීය සංචාරයෙන් මාස දෙකකට පසු මෙම හමුවීම සිදුවිය​. මෙම සංක්‍රමණ ගිවිසුම සඳහා සාකච්ඡා වසර කිහිපයක් තිස්සේ පැවතුනු අතරම ඕස්ට්‍රේලියාවේ දැනටමත් ඉන්දියාවෙන් සංක්‍රමණය වූ සැලකිය යුතු පිරිසක් සිටින බවද වාර් තා වේ. සංගණන දත්ත පෙන්වා දෙන්නේ 2016 සිට ඕස්ට්‍රේලියාවට ගිය මිලියනයකට වඩා වැඩි පුද්ගලයින්ගෙන් හතරෙන් එකක් පමණ ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් බවයි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පුරා දශකයකට වැඩි කාල සීමාවකට පෙර සාකච්ඡා ආරම්භ වූ විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් සඳහා වන කටයුතු ඉදිරියට ගෙන යාමද දෙරට අතර බලාපොරොත්තුව වී තිබේ.

Latest