Skip to content

මෝචා සුලිකුණාටුවෙන් දෙදරූ මියන්මාරය

මියන්මාරය කියන්නේ ඉන්දු-චීන අර්ධද්වීපයේ බටහිර අන්තයේ පිහිටපු බොහෝ අමාරැකම් සහ චෝදනා මැද්දෙත් ථේරවාද බෞද්ධ සංස්කෘතිය රැකගෙන ඉන්න බොහෝමයක් අහිංසක දුප්පත් මිනිස්සු පිරිසක් ජීවත් වන රටක් කිව්වොත් නිවරදිය..

පසුගිය කාලයේ මියන්මාරය වැඩිවශයෙන් ජනප්‍රිය වූවේ අවුන්සාන් සූකි හා හමුදා පාලනය අතර වූ ඝට්ටනය හේතුවෙන් එහි ජනතාව තවත් වලපල්ලටම යාමය. හමුදා පාලනයේ විවධ පීඩනයන් සමග රටවැසියා යහපත් අනාගතයක් දෙස ඉඟි බැලීමටත් පෙර කණකොකා හැඩුවේ ස්වභාදහමේ වියරුව කරපින්නාගැනීමට සිදුවීම හේතුවෙනි.

(Pic. by International Media)

මේ වන විටත් මෝචා සුලි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ පමණක් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවට ආරංචි මාර් ගවලින් සඳහන් කරයි. මේ අතර මියන්මාරයේ පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ රෝහින්ග්‍යා ජනතාවට මෙම සුලි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඔවුන්ගේ අනාථ කඳවුරු සම්පූරණයෙන්ම විනාශ වීම හේතුවෙනි..

එක් අවස්ථාවක රෝහින්ග්‍යා කඳවුරක අයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍යට ප්‍රචාරය කරමින් පවසා සිටියේ සුලි කුණාටුව හේතුවෙන් රෝහින්ග්‍යා අනාථ කඳවුරු තුල සිටි මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවටත් එම ප්‍රමාණය 300 කටත් වැඩි විය හැකි බවටය.

කෙසේ වෙතත් සුලඟේ වේගය පැයට කිලෝමීටර් 250 කට අධික වේගයකින් සුලි කුණාටුව බලපෑම මේනම වර් ෂාවද අදික ලෙසින් ඇදහැලීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම ආර් ථිකයද දැඩි ලෙසින් කඩා වැටුණි.

(Pic. by International Media)

සුලි කුනාටු තත්වයන් හේතුවෙන් මියන්මාරයේ බොහෝ ප්‍රදේශයන්හි සන්නිවේදන කුළුණු, රැහන් සියල්ලක්ම විනාශ වී ගොසිනි. මේ හේතුව නිසාම එරට බලධාරීන්ට ආපදාවේ හානියද තක්සේරු කරගැනීමට නොහැකිව සිටිති.

අනෙක් අන්තයෙන් විපතට පත්ව සිටින ජනතාවට ආහාර පානාදිය ඇතුලු අවශ්‍ය පහසුකම් සැපයීමටද නොහැකි වී ඇත්තේ මාර් ග කැඩී විනාශ වීම හා ගමනාගමන පහසුකම් අඩපන වීම හේතුවෙනි.

(Pic. by International Media)

මේ අතර මියන්මාරයේ කොක්ස් බසාර්හි පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරකට වැඩිම හානියක් සිදුව ඇති වුවද එහි විපතට පත් පිරිස් හෝ දේපල පිළිබඳව නිශ්චිතවම අනාවරනය කරගැනීමට නොහැකිව ඇත. තවද මියන්මාරයේ බොහෝ ජනතාවක් ධීවර කර් මාන්තයේ යෙදෙන අතර මුහුදු ගිය ඇතැම් ධීවරයින්ගේ සියලු සංඥා කටයුතු බිඳවැටී ඇති අතරම එම ධීවරයින් අතුරුදහන්ව ඇති බවටද බලධාරීන් පෙන්වා දෙයි.

(Pic. by International Media)

සුලිකුණාටව හේතුවෙන් මියන්මාරයේ සිට්වේ අගනුවරට දැඩිබලපෑම් එල්ලවද්දි එහි සිටි න ලක්ෂ 3 කට අධික ජනතාවගේන් මේ වන විටත් 4000 කට අධික පිරිසක් වෙනත් නගරවලට ගොස් ඇති අතර 20,000 කට අධික ප්‍රමාණයක් නගරයේ උස්කඳු, පන්සල් වෙහර විහාර බූමි වෙතට ගොස් තාවකාලික කූඩාරම් ඉදිකොට සිටින බවටද දැකගත හැකිය.

(Pic. by International Media)

එක්සත් ජාතීන්ගේ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් මියන්මාරයේ හානි වූ ප්‍රදේශවෙතට වාර්ථා කරමින් සිටියද මාර්ග කැඩී අබලන් වීම හේතුවෙන් ඔවුනටද ලඟා වීම දැඩි සෙයින් අසීරු වී ඇති අතරම ගලවා ගැනීමේ කණ්ඩායම්වලට කඩිනමින් විපතට පත් ජනතාව සිටින ප්‍රදේශයන්ට යාමට නොහැකි වුවහොත් මියයන සහ තුවාල ලබන පිරිස් තවත් වැඩිවිය හැකි බවටද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙනවා දෙයි.

(Pic. by International Media)

මියන්මාර හමුදා පලාන ගැටුමත් සමග පීඩා විඳි ජනතාවට මෙලෙස ස්වභාදහමේ අයහපත් බලපෑම හේතුවෙන් දැඩිලෙසින් බලපෑමත් සමග ඔවුන්ගේ ජීවන ආර් ථිකයට දැඩි බලපෑමක් එල්ල කොට ඇත.

Latest