බොහෝ විට අන්තර්ජාලයේ බහුලව නොමැති සහ එදිනෙදා ඔබගේ නෙත නොගැටෙන ජීවිතයට අංශු මාත්‍රයක හෝ දෙයක් ලබාගත හැකි දැනුමක්, තොරතුරක්, අදහසක්, සංකල්පයක් ඔබ වෙත ගෙන ඒමට getpeakonline අප සෑම විටම උත්සාහ කරමු. මන්ද සෑම තැනකම ඇති තොරතුරක් හෝ දැනුමක් ඔබට ලබා ගැනීමට getpeakonline අමුතුවෙන් අවශ්‍ය නොවන බැවිනි.
එපමණක් නොව ලෝකයේ දර්ශනවාදය, මනෝ විද්‍යාව, විද්‍යාව, ගණිතය, අතීත ශිෂ්ඨාචාර ආදී නොයෙකුත් මූලාශ්‍රවලින් කාලයක් තිස්සේ අපමණ වෙහෙසකින් යුක්තව සොයා සපයා දුන් සංකල්ප ආදියෙන් ශ්‍රී ලංකාවේ අප නිසිලෙස වැඩක් නොගන්නා බව ද මාගේ පුද්ගලික අදහසය. වැඩිය දුර නොගොස් කල්පනා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ කෙතරම් දක්ෂයින්, බුද්ධිමතුන්, ප්‍රාමාණිකයින් සිටිය ද ඔවුන්ගෙන් ද අප නිසිලෙස වැඩක් ගන්නේ නැත.
උදාහරණයක් ලෙස දක්වන්නේ නම් පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී කාබනික නාඩගම නටන අවස්ථාවේ කාබනික වගාව පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති බුද්ධි මාරබේ වැනි විද්වතුන් ගෙදර යවා කාබනික වගාව පිළිබඳව කිසිදු දැනුමකින් තොර යයි අපිට පෙනෙන්නට තිබූ පුද්ගලයින් එම ව්‍යාපෘතියට සම්බන්ධ කරගත්තා ඔබට මතක ඇතැයි සිතමි. මේ ආකාරයට ශිෂ්ඨාචාර ගණනකින් අපට දායාද වූ සංකල්පවලින් සේම රටේ මිනිසුන්ගෙන් වූවද අප නිසිලෙස වැඩක් ගන්නේ නැත.
මෙය අවාසනාවක් ලෙස මා පුද්ගලිකව දකින අතර එම නිසා Feature article තුළදී මා, විනායක, සුසර සහ අනෙකුත් සියළු දෙනා ඇතුළුව අප ගෙන එන බොහෝ ලිපි ඔස්සේ නිතර නිතර ඔබගේ අවධානයට නිරන්තරවම පාත්‍ර නොවන යමක් ගෙන ඒමට සහ ඔබගේ ජීවිතයට පහසුවක් අත්කර දිය හැකි යමක් ගෙන ඒමට අප සෑම විටම උත්සාහ කරන අතර එම ව්‍යායාමයේදී මීට පෙර මා ලිපි දෙකක් ඔස්සේ බුද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කළා ඔබට මතක ඇතැයි සිතමි.

නමුත් ඔබට ලියන අප මහා ප්‍රාමාණික දැනුමක් ඇති පුද්ගලයින් බව අප කිසි විටෙකත් නොකියමු. එම නිහතමානීත්වය අප අගයන අතර සොක්‍රටීස් ද වරෙක ප්‍රකාශ කර සිටියේ තමා කිසිවක් නොදන්නා යැයි සිතා එම පදනම මත ලෝකය දකින ලෙසය. ඉදං අප සිදුකරණුයේ පවතින දැනුම බෙදා හැරීමක් පමණි. ඒ අනුව අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බුද්ධිය සමඟ එකට කියැවෙන වචනයක් වන දැනුම නැතිනම් Knowledge සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් නමස්කාරයටම තෙල් පහන් ඉවර කොකර අදාළ මාතෘකාවට යන්නේ නම් ශිෂ්‍ය පරම්පරා කිහිපයකට මා අධ්‍යාපනය ලබා දුන් පුද්ගලයකු ලෙසත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙසත් මාගේ පුද්ගලික අත්දැකීමනම්. බොහෝ පාසල් ශිෂ්‍යයින් සිය පාසල් පෙළපොත් තුළ පිටකවරයෙහි සඳහන් කරන එක් උදාන වාක්‍යයක් ඇත. එය නම් "knowledge is power " දැනුම බලය වේ. යන්නය. ඒ කෙසේ වෙතත් බුද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ගෙන ආ ලිපි ඔබ පරිශීලනය කළ අයෙකු නම් දැනුම නොව බුද්ධිය තමයි බලය වන්නේ. යනුවෙන් සිතෙන්නට පුළුවන. එය සැබෑවක් වූවත් යමෙකුට සමාජයේ ජීවත්වන විට යම්කිසි දැනුමක් ද අවශ්‍ය වන බව අප පිළිගත යුතු කරුණකි.
මුදල් පසුපස, ආදරය පසුපස, ලිංගිකත්වය පසුපස, බලය පසුපස ආදී නොයෙකුත් දේ පසුපස මිනිසු හඹා යන බව අපි දනිමු. ඔය අතර දැනුම පසුපස හඹා යන පිරිසක් ද විශේෂයෙන් ලෝකයේ ඇත. එහිදී getpeakonline අපගේ වෙබ් පිටුව සමග සම්බන්ධ වී ඇත්තේද දැනුම පසුපස හඹා යන, දැනුම් පිපාසයෙන් පෙලෙන, ජනප්‍රිය භාෂාවෙන් පවසන්නේ නම් දැනුම සම්බන්ධයෙන් ඇරියස් එකක් ඇති ප්‍රගතිශීලී පාඨක ප්‍රජාවක් බව ද අපි හොඳ හැටි දනිමු.
එපමණක් නොව අප බොහෝ වේලාවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී නොයෙක් නොයෙක් කාරණා සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් පිරිසගෙන් මෙසේ ප්‍රශ්න කරමු. ඔයා දැනගෙන ද කතා කරන්නේ? ඔයා මේක ගැන දන්නව ද? මට වඩා ඔයා දන්නේ මොනාද? ඔයා දන්න කෙංගෙඩිය, ආදී වශයෙන් නොයෙක් නොයෙක් ප්‍රශ්න නැගුව ද සැබවින්ම අපි දැනුම යනු කුමක් ද සම්බන්ධයෙන් දැනගෙන ද එසේ ප්‍රශ්න කළේ ? එසේ නම් දැනුම යනු කුමක් ද? දැනුමේ ස්වාභාවය කෙසේ ද?
අත්දැකීම් හෝ අධ්‍යාපනය තුළින් ලබාගත් කරුණු, තොරතුරු සහ කුසලතාවලින් යුතු විෂය න්‍යායාත්මක අවබෝධය දැනුමයි. බොහෝ තැන්වලදී දැනුම යන්න සම්බන්ධයෙන් යෙදෙන නිර්වචනය එය වේ. කෙසේ නමුත් සරලවම දැනුම යනු දැනීමයි. එනම් කිසියම් දෙයක් පිළිබඳව ප්‍රාමාණික වශයෙන් දන්නා අයකු දැනුමින් යුතු පුද්ගලයකු යැයි අපට හඳුන්වා දිය හැකිය. නමුත් මෙය ඉතා සංකීර්ණ කරුණක් වන අතර මන්ද ඔහු දැනුමින් යුතු පුද්ගලයකුය, ඔහු දැනුමින් යුතු පුද්ගලයකු නොවේය යනුවෙන් අපට නිශ්චිවම කෙනෙකු පිළිබඳව අර්ථකතන ලබා දිය නොහැකි බැවිනි.
දැනුම යනු සාපේක්ෂ දෙයකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඔබට ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති මුත් මා හට ආර්ථිකය පිළිබඳ දැනුමක් නැත. මා හට කලාව සම්බන්ධයෙන් දැනුමක් ඇති මුත් ඔබට කලාව සම්බන්ධයෙන් දැනුමක් නොතිබිය හැකිය. එම නිසා එක් එක් පුද්ගලයින් කුමන හෝ දැනුමකින් යුත් පුද්ගලයින් වන අතර එම දැනුමට වටිනාකමක් හිමි වන්නේ සමාජය එම දැනුමින් කොතෙකුත් දුරට ප්‍රයෝජන ගන්නේ ද යන්න මතය.
කෙසේ නමුත් දැනුමේ ආරම්භයට ඔබව රැගෙන යන්නේ නම් මිනිසුන් වන අපිට පේනවා, අපිට දැනෙනවා, අපිට ඇහෙනවා, අපිට හිතෙනවා. මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන් මේ දක්වාම නොයෙක් නොයෙක් වටපිට ඇති දේ අපිට පේනවා, දැනෙනවා, ඇහෙනවා, ඒ දේවල් ගැන හිතෙනවා. ඉදිං භෞතිකය එනම් අවට ඇති දේ සමග අප ගැටෙන්නට ගිය පළමු අවස්ථාවේදීම දැනුම යන්න ආරම්භවීම පටන්ගත් බව විද්වතුන්ගේ මතයයි.
මෙය තව දුරටත් ලෙහා ගන්නේනම් මිනිසා වර්ෂ මිලියන ගණනක් තිස්සේ පරිණාමය වීමේදී ඔහුට භාහිර සහ අභ්‍යන්තර වශයෙන් විවිධ වූ සංසිද්ධි මුණගැසෙන අතර ඔහු ඉර පායන ආකාරය දකී. මල් පිපෙන ආකාරය දකී. වැස්ස වසින ආකාරය දකී. ඔහුට වඩා වෙනස් සත්වයින් ද විශ්වයේ සැරිසරන බව දකී. ඔහුට දුක හිතෙයි. කේන්ති යයි. සතුටු හිතෙයි. ඉර පායන දකින, මල්වල සුවඳ විදින, වැස්සේ ශබ්දය අසන මිනිසා භෞතිකය සමග ගැටෙන අතර අන්න එතැනදී ලෝකයට දැනුම නිර්මාණය වීම ආරම්භ වී ඇතැයි පිළිගත් මතය වේ.
ඉර කියන්නෙ මොකක්ද? මල්වලින් මේ සුවඳ එන්නේ කොහොමද? වැස්ස වහින්නෙ කොහේ ඉඳන් ද? ඇයි මට මේ දුක හිතෙන්නේ. මිනිසා භෞතිකය සමග ගැටීමේදී මෙවැනි ප්‍රශ්න ඔහුට පැනනැගුණු අතර මොකක්ද? ඇයි? කොහොමද? මොකටද? යන්න ආදී වශයෙන් මිනිසා භෞතිකය තේරුම් ගැනීමට ගිය පළවන අවස්ථාවේදීම සහ ඇයි අට දුක දැන්නේනේ , ඇයි කේන්ති යන්නේ, සතුටු හිතෙන්නේ ආදිය පිළිබඳව සිතීමට ගිය පළවන අවස්ථාවේදීම ලෝකයට දැනුම නිර්මාණය වීමට ආරම්භක පියවර තැබීම සිදු වී ඇත.
කෙසේ නමුත් මේ ආකාරයට ලෝකයට කාලයක් තිස්සේ පහළ වූ දැනුම හරිම දැනුම ද, දැනුම අපි කොහොමද විශ්වාස කරන්නේ ? එපමණක් නොව getpeakonline හරහා අපි ගෙන එන දැනුමත් හරිම දැනුම වන්නේ ද? දැනුම එකිනෙකට ගැටෙන්නට පුළුවන. ඔබට එවැනි ගැටළු ද තිබෙන්නට පුළුවන. එයට පිළිතුරු සොයා ගැනීමට ඉදිරියට යන්නේ නම්
දැනුමේ ආරම්භක පියවර ලෝකය තුළ තැබූ ආකාරය මේ වන විට අප දන්නා අතර ආරම්භක අවස්ථාවේ මිනිසාට නොයෙකුත් ප්‍රශ්න පැනනැගුණු විට උදාහරණ ලෙස වැස්ස පිළිබඳව දක්වන්නේ නම් එක් අයකු මෙසේ පවසයි. වැස්ස වස්සන්නේ උඩ සිටිනා දෙවියන් වහන්සේය. ඊට විරුද්ධව වෙනත් අයකු පවසන්නේ වැස්ස වස්සන්නේ අහසේ පියඹනා සත්වයින් ය, දෙදෙනාටම විරුද්ධව තවත් අයකු පවසන්නේ නෑ නෑ වැස්ස වහින්නේ වළාකුළු වලින් ය. මේ ආකාරයට භෞතිකය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවලට මිනිසා ආරම්භයේ නොයෙක් නොයෙක් අර්ථකතන දෙන්නට වී ඇත.
මේ ආකාරයට එක් එක් කාරණා සම්බන්ධයෙන් අනෙක් පාර්ශවයට උරගා බැලීම සඳහා මතාවද ඉදිරිපත් වන විටදී දැනුම නමැති ශාකය දළු ලා වැඩීම ආරම්භ වූ බව ද විද්වතුන්ගේ අදහසයි. එකම සංසිද්ධිය පිළිබඳව අදහස් කීපයක්. නමුත් එක් එක් අය හට මේ ආදී එක් එක් සංසිද්ධි සම්බන්ධයෙන් ඇතිවන හිතළු කිසි විටෙකත් දැනුම වන්නේ නැත.
කිසියම් සංසිද්ධියක් පිළිබඳව තමා හට ඇති වූ අදහස තමන්ම අදහා ගත් විට ඔහු ඒ පිළිබඳව තව දුරටත් ගවේෂණය කිරීමට පෙළඹෙන අතර යට කී උදාහරණය ගෙන බලන්නේ නම් වැස්ස වසින්නේ වළාකුළු වලින් යැයි යන අදහස ගෙන හැර දැක් වූ පුද්ගලයා ප්‍රථමයෙන්ම එම අදහස තමා තුළ ස්ථීර කරගන්නා අතර ඉන් පසුව තව දුරටත් ඒ පිළිබඳව ගවේෂණය කිරීමට පෙළඹේ. මන්ද ගවේෂණයකින් තොරව දැනුමක් නිර්මාණය නොවන බැවිනි. කෙසේ නමුත් මෙහිදී සිහිපත් කළ යුත්තේ තවදු දැනුම නිර්මාණය වී නොමැති බව වන අතර මෙසේ විස්තර කරමින් සිටින්නේ දැනුම නිර්මාණය වීමේ ක්‍රියාවලියයි.
ප්‍රථමයෙන්ම කිසියම් සංසිද්ධියක් පිළිබඳව අදහසක් දැක්වූ අතර පසුව එය උරගා බැලීමට සමාජයට ඉදිරිපත් කරන ලදී. ඉන් පසුව ප්‍රථමයෙන් තමන්ම එය ස්ථීර කරගනිමින් ගවේෂණය කිරීමට පෙලඹෙන අතර එසේ ගවේෂණය කිරීමේදී සමාජය ඉදිරියේ තම මතය දත්ත සහ තොරතුරු ඇතුළත්ව සත්‍යාපනය කළ පසු එවිට ලෝකයට දැනුම නිර්මාණය වීම සිදු වී ඇත. මේ ආකාරයට ලෝකයට දැනුම පහළ වීමේදී කාරණා රාශියක් සම්පූර්ණ කළ යුතු අතර නැවතත් උදාහරණය ගෙන බලන්නේ නම්
වැස්ස වසින්නේ වළාකුළු වලින් යැයි කියූ පුද්ගලයා ඒ පිළිබඳව ගවේෂණය කරයි. එම ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස උත්ස්වේදනයෙන් සහ වාෂ්පීකරණයෙන් ඉහළ යන ජල වාෂ්ප වළාකුළු ආශ්‍රිතව ඝණීභවනය වන බවත්. එම ජල වාෂ්ප හිමාංකයට පැමිණිවිට වර්ෂණය ඇතිවන බවත් මෙය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන බවත් සහ එය ජල චක්‍රය බවත් දත්ත සහ තොරතුරු ඇතුළත්ව සමාජයට ඔප්පු කළ විට එතන නිර්මාණය වන්නේ දැනුමයි.
නමුත් කිසියම් අදහසක් රැගෙන එන පුද්ගලයාම එය දැනුමක් බවට පත් නොකරන අතර මානව සංහතිය පරිණාමය වීමේදී එසේ ඉදිරිපත් වූ අදහස් ගවේෂණය මඟින් පසු කාලයේ සත්‍යාපනය කොට දැනුමක් බවට පත් කිරීම සඳහා බොහෝ මානව පිරිසක් තම දායකත්වය දක්වා ඇත. මෙය තවත් සරල කර පවසන්නේ නම් ඔබ කිසියම් සංසිද්ධියක් සම්බන්ධයෙන් අදහසක් ගෙනහැර දක්වන්නේ නම් මා හට එය ගවේෂණය කර සත්‍යාපනය කළ හැකිය.
කෙසේ නමුත් සමාජයේ හඳුනාගත හැකි එක් ගැටළුවක් වන්නේ කිසියම් අදහසක් ගවේෂණය කර සත්‍යාපනය කරන අතර කාලය තුළදී එම අදහස දැනුම යනුවෙන් සලකා සමාජය තුළ බෙදා හැරීම වන අතර සැබවින්ම එය ඉතා භයානක තත්වයක් යැයි කීම නිවැරදිය. සැබවින්ම දැනුමත් සමඟ සිතූ සිතූ ආකාරයට සෙල්ලම් කළ නොහැකි අතර මෙය මානව සමාජය ඉදිරියට තල්ලු කිරීමට මෙන්ම යුග ගණනක් ආපස්සට තල්ලු කිරීමට ද හැකියාව ඇති බලගතු ආයුධයක් යැයි කීම නිවැරදිය. එම නිසා සමාජය තුළ ජීවත්වන විට යම් යම් පුද්ගලයින් අදහස් රැගෙන එන විට එය දැනුමක් ලෙස භාර ගන්නේ නම් අප ප්‍රථමයෙන්ම සිතිය යුත්තේ එම අදහස සත්‍යාපනය කළ අදහසක් ද යන්නය.

උදාහරණ ලෙස දක්වන්නේ නම් කැළණි ගගෙන් නාගයෙක් මතු වුනා යැයි යනුවෙන් කිසියම් පිරිසක් ගෙන ආ හිතළුවක් හෝ අභව්‍ය අදහසක් ශ්‍රී ලංකාවේ සමාජයෙන් බහුතරයක් සත්‍යාපනයකින් තොරව පිළිගන්නට වූ අතර අවසානයේ එම සිද්ධිය ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වන තැනටම වක්‍රාකාරයෙන් බලපාන්නට විය. එසේ කැළණි ගගෙන් නාගයෙක් මතුවිය හැකිද? එතරම් උතුම් නාගයෙක් ප්ලාස්ටික් බෝතලයක බහාලිය හැකිද?, නාගයෙක් වැනි කුඩා සතකු මතුවන විට විශාල ශබ්ධයක් ඇති විය හැකි ද? ආශ්චර්යමත් නාගයෙක් මතු වූ නිසා විශාල ශබ්ධයක් ඇති වුනේ යැයි කියනවානම් නාගයාගේ ආචාර්ය අප දුටුවේ නැති බැවින් අප එය විශ්වාස කළ යුතු ද? ආදී වශයෙන් ගවේෂණය කොට සත්‍යාපනය කර ගැනීමට අපට හැකි වුනේ නම් රටක් වශයෙන් අපට මෙසේ නොවීමට ඉඩ තිබුණි. හිතළුවක් දැනුමක් විය හැකිය. නමුත් සත්‍යාපන ක්‍රියාවලියකින් පසුව.
කිසියම් අදහසක් ගවේෂණය කිරීමෙන් පසුව එය සත්‍යාපනයකොට දැනුමක් බවට පත් කිරීම සඳහා ක්‍රම කිහිපයක් භාවිත වන අතර ඉන් කිහිපයක් සඳහන් කරන්නේනම් විද්‍යාත්මක ක්‍රමය මඟින් සත්‍යාපනය කළ හැකිය. ( නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන ) ගණිතය භාවිත කිරීමෙන් සත්‍යාපනය කළ හැකිය. ( ත්‍රිකෝණයක කෝණ තුණ සමාන නම් පාද තුන ද සමාන වේ ) දර්ශනවාදයෙන් අභ්‍යන්තර හැඟීම් ආදිය සත්‍යාපනය කළ හැකිය. අද ලෝකයේ පවතින්නේ මෙසේ ක්‍රම කිහිපයක් මඟින් යම් යම් සංසිද්ධි සත්‍යාපනයකොට සොයා සපයා ගත් දැනුමයි. ඉදිං getpeakonline අප ඔබට සෑම විටම ගෙන එන්නේ ද මෙසේ සත්‍යාපනය කළ දැනුම යන වග ද සිහිපත් කරමි.
ඉදිං ලෝකයට දැනුම බිහිවන්නේ මේ අයුරිනි. අදහසක් රැගෙන ඒමට පුද්ගලයකු සිටිය යුතුය. එය ගවේෂණය කර සත්‍යාපනය කිරීමට ද පුද්ගලයකු සිටිය යුතුය. විශේෂම දෙය නම් දැනුම වහනය කිරීමට, නැතිනම් සමාජගත කිරීමට ද පුද්ගලයකු සිටිය යුතු අතර getpeakonline අප බොහෝ විට සිදු කරන්නේ එම කාර්යයයි. මන්ද ලෝකයේ දැනුම පැවතුනාට එය සමාජයක් දැනගන්නේ නැතිනම්, සමාජය ඉන් වැඩක් නොගන්නේ නම් පවතින දැනුමින් පලක් නොවන බැවිනි.
කෙසේ නමුත් දැනුම යනු විශ්වාසය මත ද පදනම් වූවක් වන අතර උදාහරණ ලෙස දක්වන්නේ නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගත් පසු අප ද එය සොයා බැලීමට ගියේ නැත. අපද ඇපල් ගස් යට නිදා සිටීමට ගියේ නැත. ඔහු සත්‍යාපනය කළ අදහස අප පිළිගත් අතර එනම් අප විශ්වාස කළ අතර නමුත් අපට අවශ්‍යනම් ගුරුත්වාකර්ෂණය කියා දෙයක් නැතැයි නව දැනුමක් නිෂ්පාදනය කළ හැකිය. නමුත් අනිවාර්යයෙන්ම සත්‍යාපනය කිරීමට ද වග බලා ගත යුතුය.

දැනුම සම්බන්ධයෙන් තවත් රසවත් කරුණු කිහිපයක් දක්වන්නේ නම් මිනිසා වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වීමේදී රැස්කරන ලද කොතෙකුත් දැනුම් සම්භාරයන් ලෝකයේ පැවතිය ද අප බොහෝ විට අපගේ නොයෙකුත් කටයුතු සඳහා එදිනෙදා බාවිත කරණුයේ මෑත වසර 500 ක පමණ කාලය තුළ රැස් කරන ලද දැනුමයි. එමෙන්ම දැනුම යනු ස්ථීර වශයෙන් පවතින දෙයක් ද නොවේ. එය සත්‍යාපනය කිරීම් මත දිනෙන් දින යාවත්කාලීන වන්නකි. සමහරවිට දැනුම සම්බන්ධයෙන් මම අද ඔබට ගෙන ආ මෙම අර්තකථනය හෙට දිනයේ වෙනස් වී තිබෙන්නට ද පුළුවන. ලෝකයේ දැනුම දෙගුණ වීමට ගතවන්නේ ද ඉතාම සුළු කාලයකි.
එමෙන්ම අප බොහෝ විට සමාජයේ මිනිසුන් ඔහු ඉතා උගත් පුද්ගලයෙකි, ඔහු මීටරයකි. ඔහු වැඩ්ඩෙකි ආදී වශයෙන් හඳුන්වන අතර එහිදී බොහෝවිට එම පුද්ගලයින් එක් ක්ෂෙත්‍රයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් නැතිනම් දැනුමින් පාරගත වූ පුද්ගලයකු විය හැකිය. උගත්කම යනු දැනුමයි. අප එසේ එක් එක් පුද්ගලයින් හඳුන්වන්නේ එම පුද්ගලයාගේ දැනුමින් සමාජයට සෑම විටම වැඩක් ඇති විටය. නමුත් අපි දැනුමින් යුත් උගත් පුද්ගලයකු යැයි හඳුන්වන්නේ සෑම විටම සමාජයේ ඉහළ ක්ෂේත්‍ර නියෝජනය කරන අය පමණි.
සිතන්න. බුලත්විට විකුණන මහතෙකු හෝ ටිකට්පත් විකුණන මහතෙකු හෝ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි මහතෙකු සම්බන්ධයෙන්. ඔවුන් ද උගත් පුද්ගලයින් ය. මන්ද බුලත්විට විකුණන මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇත. ටිකට්පත් විකුණන මහතාට ද එසේමය. ගොවි මහතුන්ට වෛද්‍යවරයකුට, ඉංජිනේරුවකුට වඩා කෘෂිකර්මාන්තය පිළිබඳව දැනුමක් ඇත. නමුත් අප කිසි විටෙකත් ටිකට් පත් විකුණන මහතෙකුට හෝ, බුලත්විට විකුණන මහතෙකුට හෝ ගොවි මහතෙකුට උගත් යැයි පවසන්නේ ද? ඔහු මීටරයක්, ඔහු වැඩ්ඩෙක් යැයි පවසන්නේ ද? දැනුම සහ ඒත් සමගම එන උගත්කම පාර්ශවයෙන් ඔහුට ලබාදිය යුතු අගය කිරීම ලබා දෙන්නේ ද?

බොහෝ විට නැත යන්න මාගේ පුද්ගලික අදහයි. සමහරවිට ඔවුන්ගේ දැනුමින් සමාජය සෑම විටම වැඩක් නොගන්නා නිසා විය හැකිය. නමුත් ඒත් සමගම අප එකක් මතක තබාගත යුතුය. එය නම් මේ සමාජයේ ජීවත්වන ඕනෑම පුද්ගලයකු කිසියම් හෝ දැනුමකින් යුතු උගත් පුද්ගලයකු වන බවය. අප දැනුම සහ උගත්කම යනු කුමක්දැයි නිසිලෙස තේරුම්ගෙන නැති බව දැං ඔබට වැටහෙන්නේ ද?
එමෙන්ම දැනුම ලෝකයේ පැවතුණ ද එය නිසිලෙස අවබෝධ කර නොගන්නේ නම් ඉන් වැඩකදු නැත. එතනදී අවශ්‍ය වන්නේ බුද්ධියයි. එනම් දැනුම අවබෝධ කර ගැනීමට බුද්ධිය ද පැවතිය යුතුය. උදාහරණයක් දවන්නේ නම් ශ්‍රී ලංකාවේ අදට ද බොහෝ පිරිසක් සිතා සිටින්නේ අපට ඉංග්‍රීසි බැරි වූයේ සිංහල රාජ්‍ය භාෂාව කළ නිසාය යනුවෙනි. සැබවින්ම එය වැරදි අවබෝධයකි. රාජ්‍ය භාෂාව යනු රජයේ වැඩකටයුතු කරන නිල භාෂාවයි. නැතුව පාසල් වල විෂය මාලා තුළ උගන්වන හෝ පුරවැසියන් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු හෝ භාෂාව නොවේ. සිංහල රාජ්‍ය භාෂාව කිරීමට පෙර ද ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකට ඉංග්‍රීසි බැරිය. මේ ආකාරයට දැනුම නිසිලෙස අවබෝධ කර ගැනීම ද ඉතා වැදගත්.
එපමණක් ද නොව දැනුම සමාජගත කිරීමේදී වාහකයින් පටු අරමුණු මත බොහෝවිට උත්සාහ කරණුයේ තමන්ට අවශ්‍ය කොටස පමණක් සමාජගත කිරීමට වන අතර විශේෂයෙන් ප්‍රධාන දාරාවේ රූපවාහිනී මාධ්‍ය මෙහිදී කැපී පෙනේ. එම නිසා දැනුම යනුවෙන් සමාජගත වන්නේ එක්තරා කෑල්ලක්, කොටසක් පමණි. ඔවුන් සමාජගත කරන්නේ ඔවුන්ට අවශ්‍ය කොටස පමණි. නමුත් එසේ නොවන මාධ්‍ය ද සිටින බව සිහිපත් කළ යුතු අතර කෙසේ නමුත් ඔබ getpeakonline පාඨකයකු විය යුත්තේ මේ නිසාය. අප සෑම විටම දැනුමේ ඔබට හෝ මට අවශ්‍ය කොටස් නොව සියළුම කොටස් ගෙන ඒමට වග බලා ගන්නෙමු.
එසේම ලෝකයේ කොතෙකුත් දැනුම් සම්භාරයන් පැවතිය ද සෑම පුද්ගලයකුටම සෑම දැනුමක්ම අවශ්‍ය නොවිය හැකිය. උදාහරණ ලෙස දක්වන්නේ නම් ඔබ දේශපාලනය සම්බන්ධයෙන් පමණක් ගවේෂණය කරන පුද්ගලයකු නම් ඔබට කලාව සම්බන්ධයෙන් පවතින දැනුම අවශ්‍ය නොවෙන්නට පුළුවන. නමුත් සෑම වෙලාවකම. කෙදිනක හෝ ඔබට අවශ්‍ය වීමට ද ඉඩ ඇත. දැනුම සම්බන්ධයෙන් මෙම ලිපිය ද ඔබේ දැනුමට අවශ්‍ය නොවිය හැකිය. නමුත් අවශ්‍ය පුද්ගලයින් ද සිටිය හැකිය. කොතැනකදී හෝ අවශ්‍ය විය හැකිය.
නැවත ලිපියකින් හමුවෙමු !