Skip to content

ඉන්දියාවේ මීලඟ අගමැතිත් මෝදිමයි..

ජනමත සමීක්ෂණයකින් හෙළි වෙයි..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන් වැනි වරටත් භාරතයේ පාලන බලය හිමි කර ගැනීමේ අපේක්ෂාවෙන් සිය 2024 මැතිවරණ ප්‍රචාරක වැඩසටහන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එහි මූලික පියවරක් ලෙස භාරතීය ජනතා පක්ෂයේ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් 18,000ක් යොදා ගනිමින් ජනවාරි මාසය වනවිට සිය ආධාරකරුවන් මිලියන 35ක් මුහුණට මුහුණලා හමුවීමට නියමිතය.

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ඉන්දියාවේ පාලන බලය හිමි, මිලියන 180ක් සාමාජිකයන් සහිත භාරතීය ජනතා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විට දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ නායකත්වය දරා ඇති අතර, ඔහු තවදුරටත් ඉන්දියානුවන් අතර ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි.

මෝදි, රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටත් යටිතල පහසුකම් ව්‍යාපෘති වල විශාල වශයෙන් ආයෝජනය කිරීමට පියවර ගැනීමත් සුබසාධක ප්‍රතිසංස්කරණ හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමත් වී ඇති බවට එරට ඉන්දීය ජනයා ගේ විශ්වාසයයි.

ඉන්දියාවේ දැනට සිදු කර ඇති ජනමත සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ එළඹෙන අප්‍රේල් මස හෝ මැයි මස පැවැත්විය හැකි ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය තුන් වැනි වරටත් ජයග්‍රහණය කිරීමට සමත් වනු ඇති බවයි.

Latest