Skip to content

මීම්ස් සුරතලා අවසන් ගමන් යයි

ෂිබා ඉනූ, කබොසු, චිමීස් ආදී නම්වලින් හැඳින්වූ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනාදරයට පත් ලෝක ප්‍රසිද්ධ බලු සුරතලා 2023 අගෝස්තු මස 19 වන දින මියගොස් ඇති බවට වාර්තා වන අතර ඇයගේ මරණය හේතුවෙන් ලොව පුරා රසිකයින් ද අතිශය කම්පාවට පත් වී ඇතැයි ද ලොව පුරා මාධ්‍ය වාර්තා කර සිටී.

සමාජ මාධ්‍ය තුළ බෝහෝ දෙනා මීම්ස් සඳහා මෙම බලු සුරතලාගේ රුව ඉතා ජනප්‍රිය ලෙස භාවිත කෙරූ බැවින් ඇය වසර ගණනක් පුරා ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින්ට මහත් ආශ්වාදයක් ගෙන ඒමට සමත් වූ අතර චිමීස් මියගොස් ඇත්තේ පිළිකා තත්වයක් හේතුවෙන් සිදුකරන ලද සැත්කමක් අතරතුරදීය. ජපානයට අයත් මෙම සුනඛයා ගැහැණු සත්වයකු වන අතර ඇය උපත ලබන්නේ 2005 වසරේ නොවැම්බර් 02 වනදාය.

Atsuko Sato ඇයගේ හිමිකාරිය වන අතර ඇය විසින් සිය සුරතලාගේ ඡායාරූප පෙළක් 2010 වසරේ සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමෙහි පළ කිරීමත් සමග 2013 වසරෙන් පසුව මෙම සුනඛයා ලොව පුරා ජනප්‍රිය වී ඇත. නැමුණු දෙපා සහිත ප්‍රශ්නාර්ථ ප්‍රකාශනයකින් යුත් මෙම සුනඛයාගේ ඡායාරූප ලොව පුරා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ආකර්ෂණය කිරීමට සමත් වූ අතර  එදා සිට අද දක්වාම මෙම සුරතලාගේ රූපය ඩොගී මීම් සඳහා බහුලවම භාවිත විය.

මාධ්‍ය වාර්තා කර සිටින්නේ මිය යන විට මෙම බලු සුරතලාගේ වයස අවුරුදු 12 ක් පමණ වූ බව වන නමුත් ෂිබා ඉනූ පිළිබඳව වැඩිදුර කරුණු සෙවීමේදී ඇය 2005 වසරේ උපත ලබා ඇති බවට ඇගේ හිමිකාරිය මෙන්ම බොහෝ මූලාශ්‍ර දක්වයි. නමුත් ඇය සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වීමේ කාල පරාසය ගත්විට එය අවුරුදු 12 ක් පමණ වේ.

කෙසේ නමුත් ෂිබා ඉනූ, චිමීස් නැතිනම් කබොසු පිළිබඳව getpeakonline අප මීට පෙර සම්පූර්ණ ලිපියක් ගෙන ඒමට ද කටයුතු කළ අතර එය ද ඔබට පහතින් පරිශීලනය කළ හැකිය.

මං ලෝකෙටම සුරතලා ”හරිතේ”
ලෝක ප්‍රසිද්ධියට පත් සුනඛයින් පිළිබඳව විමසා බලනවිට විශේෂයෙන් 2010 වසරට පෙර අප සිහියට පැමිණියේ ලයිකා බැල්ලය. ඒ අභ්‍යවකාශයට ගිය මුල්ම සත්වයා

Latest