Skip to content

ඇමති කෙහෙළියත් මේ මොහොතේ චූදිතයෙක්.වහාම මැදිහත්වෙන්න - GMOA ජනපතිගෙන් ඉල්ලයි

ඖෂධ හේතුවෙන් සිදුවූ බව කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මට්ටමට වඩා ඉදිරියට යමින් විශ්වාසය තහවුරු කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එහි ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ ඇතැම් කාරණා වලදී මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයාද චූදිතයෙක් වන හෙයින් ඇමතිවරයාගේ එම කමිටුව කුමන වර්තාවක් දුන්නද එහි විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවයි.

දැන් අවශ්‍ය වන්නේ පැලැස්තර විසඳුම් නොව කෙටිකාලීන විසඳුම්වලට යන අතර දිගුකාලීන ස්ථිර විසඳුම් වලට යෑම බව ඔහු සඳහන් කළේය.

මෙහිදී ඕනෑම ඖෂධයක ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව රසායනාගාරයක් ඉදිකිරිම දිගුකාලීන විසඳුමක් බවත් එයට යන අතර අන්තර්වාර  විසඳුම වලට යා යුතු වන බවයි අලුත්ගේ මහතා සඳහන් කළේ.

එහිදී විශ්ව විද්‍යාල රසායනාගාර යොදාගැනීම මෙන්ම පෞද්ගලික අංශයේ රසායනාගාර පවතින්නේ නම් ඒවායේ සහය ගත හැකි බවද ඔහු කියාසිටියේය.

මූලික මට්ටමේ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන රසායනාගාරවලින් කරගැනීමේ හැකියාව පවතින නමුත් ඉන් එහාට යමින්  පරීක්ෂා කිරීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථාවල විදෙස් රටවලට එම සාම්පල යොමුකරන බවත් එහිදී කාලය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් මතුවන බවත් අළුත්ගේ මහතා ප්‍රකාශ කරන ලදී.

''සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පංච විධ අභියෝගය තියෙනවා. අපි ඒගැන කලිනුත් කියල තිබෙනවා. ඖෂධ හිඟය,ඖෂධ  ප්‍රමිතිය,ඖෂධ  මිල, උපකරණ කඩා වැටීම සහ මානව සම්පත් කළමණාකරණයේ ප්‍රශ්න එම පංච විධ අභියෝග වෙනවා.
මහජන විශ්වාසය දිනාගෙන කටයුතු කළ  සෞඛ්‍ය පධතියක් අපිට තිබුණේ.එය  රැකගෙන ඉදිරියට ගමන්  කිරීම වැදගත්.
මේ මොහොතේ ඇති අවිශ්වාසය ,මතභේදාත්මක තත්ත්වයන් නිරවුල් කරගන්න දක්ෂතාව තියෙන්න ඕනේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට ඒ වගකීම තියෙනවා. පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අවශ්‍යයි.
සෞඛ්‍ය ඇමතිගේ කමිටුව හොඳයි. නමුත් අපි කියන්නේ ඊට එහා ගිහින් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍යයි කියන එක. ඕනෑම කෙනෙකුට කමිටු පත්කරගන්න පුළුවන්.  නමුත් ඒවාට මොනවද වෙන්නේ  ඒ කමිටුවල විශ්වසනීයත්වය යන කාරණා සම්බන්ධයෙන් වඩා වැදගත් වෙනවා. කමිටු නිර්ව්‍යාජ වෙන්න ඕනේ.

මොකද මෙතනදී සමහර චෝදනා එල්ල වෙන්නේ සෞඛ්‍ය ඇමතිට. ඔහුගේ සබඳකම් තියෙනවා ඖෂධ සම්බන්ධයෙන් කටයුතුවලදී. ඒ නිසා ජනධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍යයි. අපක්ෂපාතිව වෙනවා නම් ඉදිරිය ගැන විශ්වාසය රැකගන්න පුළුවන්.

පැලැස්තර විසඳුම් වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ කෙටිකාලීනව අපට කරන්න පුළුවන් මොනවද කියල බලන ගමන්  දිගුකාලීන ස්ථිර විසඳුම් වලට යන එක. අපි යෝප්ජන කරලා තියෙන්නේ  ජාත්‍යන්තර  මට්ටමේ රසායනාගාරයක් ඕනෑම ඖෂධයක් පරික්ෂ කිරීමේ හැකියාව පවතින වැඩපිළිවෙලක්. එය දීර්ඝ කාලීන වැඩක්. විදෙස් දැනුමේ සහය ගන්නත් වෙයි. ඖෂධ වල ප්‍රමිතියේ සහතිකය ඉතාම වැදගත්. '' යනුවෙන්  අළුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest