Skip to content

කිරිපිටි මිල අඩු කෙරේ

ආනයනික කිරපිටි කිලෝවක මිල ලබන සඳුදා සිට රුපියල් 200කින් අඩුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා අමාත්‍යවරයා හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවකදී ය.

නව මිල ගණන් සඳුදා නිල වශයෙන් නිවේදනය කරන බව අමාත්‍යවරයා පැවසීය.

Latest