කොළඹ නුවර ප්‍රධාන දුම් රිය මාර්ගයේ මිරීගම විල්වත්ත දුම් රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් කන්ටෙනර් රථයක් අද 9 උදෑසන දුම්රියක ගැටි අනතුරක් හේතුවෙන් මිරිගම හා අඹේපුස්ස අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවති ඇතැයි මිරිගම පොලීසිය පවසයි.. පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු කාර්‍යාල දුම්රියේ ගැටි මෙම අනතුර සිදුව ඇත.

දුම්රියේ ගැටුණ කන්ටෙනර් රථය මීටර් 90 පමණ දුරට තල්ලුවි ගොස් තිබින .මිරිගම ගිරිඋල්ල මර්ගයේද රථ වාහන ධාවනය සම්පුර්ණයෙන් නැවති ඇත. දුම්රිය මාර්ගයේ මාර්ග දෙකටත් මාර්ග සංඥ පද්ධතියටත් හානි සිදුව ඇති බැවින් ඒවා යථාවත් කරන තුරු දුම්රිය ධාවනය ප්‍රමාද වන අතර කොළඹ සිට මිරිගම දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය පවසයි. මේ වනවිටත් මාර්ගයේ බාධා ඉවත්කිරිම හා මාර්ගයේ අළුත්වැඩියා කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බවත් පාලක මැදිරිය ප්‍රකාශ කලේය