ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් ලොව තෙවන විශාලතම වීඩියෝ ක්‍රීඩා සමාගම වන Call of Duty, Diablo, Crash Bandicoot වැනි ප්‍රකට වීඩියෝ ක්‍රීඩා නිපදවන ලද Activision Blizzard සමාගම මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා.
Microsoft මඟින් ඩොලර් බිලියන 69කට Activision Blizzard සමාගම මිලදී ගැනීම අවහිර කිරීම සඳහා මූලික වාරණ නියෝගයක් වෙනුවෙන් ඇමරිකාවේ ඒකාබද්ධ වෙළඳ කොමිසම (Federal Trade Commission) මඟින් කරන ලද ඉල්ලීම කැලිෆෝනියාවේ උසාවිය මගින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම සමාගම් ඒකාබද්ධ වීම මගින් වෙළඳපොළෙහි ඇති තරඟකාරිත්වය සැලකිය යුතු ලෙස අඩු කරනු ඇතැයි වෙළඳ කොමිසම මඟින් කරන ලද ප්‍රකාශය සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙයට හේතුව ලෙස විනිසුරු වරයා සඳහන් කර ඇත.
Microsoft සමාගම විසින් Call of Duty ඔවුන්ගේ Xboxහි පමණක් නොව, පෙර ලෙසම Playstationහිද පවත්වාගෙන යාමට සහ Nintendo Switch සඳහාද එය එකතු කිරීමට මේ සමඟ එකඟ වී ඇති අතර, මෙම සමාගම් ඒකාබද්ධ වීම මගින් මේ සඳහා ඇති වන බලපෑම් අවම වනු ඇති බවටද විනිසුරු විසින් තවදුරටත් සොයාගෙන ඇත.
අවසාන වශයෙන් මෙම තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා වෙළඳ කොමිසම වෙත ජූලි 14 දක්වා කාලය ලබා දී ඇත.