Skip to content

පවුල් අවුලන ලෝන් බිල්ලා

ණයක් ගන්න අයෙකුට ණයේ පොලිය 40% සිට 220 % ක් වැනි ගිනි පොලියක් අයකෙරෙන පිරිස් හා ආයතන අපරට තුල සිටිනවා යන්න දැන් දැන් රහසක් නොවී ඇත්තේ මේ ගැන උතුරු පලාතෙන් කරලියට පැමිණී නිසාවෙනි.

මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගන් ලබා දුන් නය මුදල් හෝ පොලී මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් දැන් දැන් උතුරේ සියදිව හානිකරගන්නා ප්‍රතිශතයන් සීග්‍රෙයන් වැඩි වීම දැඩි අභග්‍යසම්පන්න තත්වයකට මුහුණ පා ඇත.

එහි බරපතල තත්වය නම් රුපියල් 5000 ක් වැනි මුදලක් ගෙවීමට හෝ නොහැකිව දරුවන් තිදෙනා සමග මවක් ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට තරම් තත්වයක් උදාවීම කෙතරම්ද යන්න දෙවරක් සිතා බැලීමට සිදුව ඇත.

වරද කරුවන්ට නීතියෙන් ගැලවීමට හැකි අයුරින් මූල්‍ය ආයතන මගින් ඇප හා කොන්දේසි ඉදිරිපත් කිරීම මගින් මෙහි තවත් ඇති බියකරු තත්වයක්ද වෙයි.

යුද්දෙදී කොටි ත්‍රස්ත සාමාජිකයෙකු දකින විටදී ගැහෙන හදවත තවමත් නොනැවතී ගැහෙනා බව බොහෝ දෙනෙකු නොදැන සිටියෝය එදා කොටියා දැක බිය වූ අයුරින්ම අද මේ ලොන් බිල්ලා දැක බොහෝ පිරිසක් බියවෙති.

බිල්ලා යනු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් මගින් ණය මුදල් හා පොලී මුදල් එකතු කිරීමට පිටත් කරන පිරිසකී ඔවුන් දැක්ක සැනින් කුඩා දරුවන්ද අම්මා බිල්ලා යනුවෙන් හැඳින්වීමට තරම් හුරු පුරුදුව සිටිති.

‘එදා කුඩා දරුවෙකුට ඕං බිල්ලා එනවා යන වැකිය බොහෝ විට මව් වරුන්ගේ කටින් පිටවූ වේ කවදාක හෝ දැක නැති ඉතා බියකරු බිල්ලෙකු ගැන කියා දරුවන්ගේ හැඩිල්ල නවතා ගත්තද දැන් ඒ බිල්ලා දැක ගැනීමට හැකිව ඇත එදා කියූ පරිදිම මේ ලෝන් බිල්ලන් බියකරු බවට දැන් දැන් කුඩා දරුවන්ට වුවද වැටහී ඇත්තේ ලෝන් බිල්ලා නිවසට පැමිණ ගිය විට පවුලේ ඇති වන නොසන්සුන් තාවයන් හා අඩදබරයන් නිසාය.

නමුත් කුඩා දරුවන්ට වටහා ගැනීමට නොහැක්කේ සිත් ඇදගන්නා සුලු අයුරින් මුහුණ පුරා සිනහවත් සමග නිවසට ඇතුලු වන මේ මූල්‍ය ආයතන වල සාමාජිකයින් ණය මුදල් දී ආපසු ගැනීමට පැමිණීමේදී  බිල්ලා ස්වරූපයෙන් නිවසෙන් පිටවූ සැනින් නිවසෙ සිදු වන අවුල් සහගත තත්වය හේතුවෙනි.

යුද්දය අවසන් වීමට පෙරනම් මෙකී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් උතුරු නැගෙනහිර දකින්නට නොලැබුනද රටේ වෙනත් පලාත්හි විවිධ නම් වලින් පෙනී සිටියහ. එකී කාලයේද ජනතාවට දැරිය නොහැකි පොලියක් සමග ණය ලබා දීම නිසා මෙම ආයතනයන්ට විවිධ පලාත්වලින් විරෝධතා ගල් මුල් ප්‍රහාර එල්ල වන්නට විය.

නමුත් යුද්දය අවසන් වූ සැනින් මෙම මූල්‍ය ආයතනයන්හි සුභ කාලය එලඹීය සියල්ලන්ම කාක්කන් සේ උතුරට පැමිණ ණය දැල එලනු ලැබුවේ හිතක් පපුවක් නැති උන් සේය සියල්ල අහිමිව හිස් ඉඩමක් වෙතට ගිය නැවත පදිංචි වූ වැසියන්ට එදා වේල ගැට ගසා ගන්නටද බොහෝ දුක් ගැහැට විඳින්නට විය නමුත් මේ වැසියන් වෙනුවෙන් පිහිට වීමට පැමිණි ආයතන බව හඳුන්වා පළමුව අඩු පොලියකට ණය දී පළමු වෙඩි මරය තබන්නේ මේ වැසියන් කිසිවෙකුටත් නොදැනෙන්නටය.

කාලයාගෙ අවෑමෙන් මීට වසර දෙකහමාරකට පමණ බලලා මල්ලෙන් එලියට පැන්නේය වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් දරුවන් තිදෙනාද සමග ළිඳට පැන සිය දිවි හානි කර ගැනීම පලාතම කම්පා කරවූ සිදුවීමක් විය.

එම සිදුවීමත් සමග මූල්‍ය ආයතනවල ණය පොලී බරින් මිරීකී සිටින ජනතාව පිළිබඳ අනාවරනය විය තිදරු මව මිය යාමට පෙර දිනයේ බිල්ලෙකු පැමිණ ණය මුදල ගෙවිය යුතු දින පසු වීම නිසා ඉල්ලා ඇත නමුත් මේ මවට එම මුදල ගෙවීමට නොහැකි වීම නිසා කල් ඉල්ලුවද ඊට දින දෙකක් ලැබුනද ඉන් පසුව පොලිස් නිලධාරීන් සමග නිවසට පැමිණෙන බවට දැනුම් දී ගොස් ඇත ණය මුදල වූ රුපියල් 5000 කි රුපියල් පන්දහසක හදීසි අවශ්‍යතාවය නිසා තම සැමියාටද නොකියා මේ තදරු මව අදාල මූල්‍ය ආයතනයෙන් ගෙන ඇත්තේ හදීසියට දුන් කොන්දේසී වගන්ති ඇතුලත් පත්‍රිකාද අත්සන් තබමිනි මේ බව සැමියා දන්නේ බිල්ලා (මූල්‍ය ආයතනයේ ණය මුදල් එකතු කරන තැනත්තා) නිවසට පැමිණ ගිය පුසවය පසුව පවුල් ආරවුල් ඇති විය කියූ පරිදි දින දෙක ගෙවෙන්නේ සඳුදාය ඊට පෙර ඉරිදා සවස මව තම දරුවන් තිදෙනාද සමග ළිඳට පනින්නේ රුපියල් පන්දහසක් වැනි සුලු මුදලකට ජීවිත 4 ක් බිලි දීමෙනි.

පසුදා (සඳුදා) පොලීසිය පැමිණ සිද්දිය සැලවීමත් සමග අදාල මූල්‍ය ආයතනයන්හි නිලධාරීන් අතඅඩංගුවට ගැනීමට පියවර ගත්හ නමුත් පුදුමයට කරුණ වූවේ මේ නිලධාරීන් ළිඳෙන් මළ සිරුරු ගොඩට ගැනීමටත් පෙරම අධිකරණයකට හෝ ඉදිරිපත් නොවීමටත් හේතු දක්වමින් නිදහස් වීමය.

මළ සිරුරු ගොඩට ගත් අවස්ථාවේදී අදාල මූල්‍ය ආයතනයක නිලධාරියෙකු මළ සිරුරු හා මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේම හිතක් පපුවක් නැති අයෙකු සේ කියා සිටයේ අදාල ණය කරුගේ මුදල ආපසු පියවීමට නොහැකි වුවහොත් ණය කරුගේ ඉඩම වෙන්දේසි කොට හෝ ණය මුදල උපයා ගන්නා ලෙසට අතසන් හා ඇප ඉදිරිපත් කොට ඇති බවටයි.

අදටද ණය ලබා දෙන ආයතන විසින් ණය දීඅත්සන් කරවාගන්නා පත්‍රිකා බොහෝ දෙනෙකු නොකියවයි බොහෝ කොන්දේසී ඇත්තේ ඉංග්‍රීසියෙනි ණය මුදල ලබා ගැනීමේ සිහියෙන් සිටින සියල්ලන් පාහේ මූල්‍ය ආයතන නිලධාරින්ගේ ෆෝරමයේ නිලධාරීන් පෙන්වන තැන් සියල්ලක්ම අත්සන් කරගෙන යන්නේ තරඝයට අත්සන් ගහන්නාක් මෙනි කිසිවක් නොකියවයි එය බරපතල කාරණාවක් සේම මූල්‍ය ආයතනයන්හි කපටිකමකි.

සියල්ල සිදුවී ණය හෝ පොලිය ලබා ගැනීමට එන විටය බොහෝ දෙනෙකු දන්නේ තමන් ගිවිසුම් ගතව ඇත්තේ කොයි තරම් බරපතල කාරණාවකටද යන්න පිලිබඳවය.

මෙතනදී රජයෙනුත් ලොකු අඩුවක් ඇත්තේය මේ මිනිස්සුන්ට අවශ්‍ය රුපියල් පන්දහස, දසදහස වගේ මුදලක් දෙන්න රාජ්‍ය අංශයේ තැනක් නැති වීම ඒ තියන තැන් වලිනුත් මේ පොඩි මුදලට ඉල්ලන ඇප මේ මිනිස්සුන්ට දෙන්න විදිහක් නැති වීම ඉස්සරනම් සමූපකාර ග්‍රාමීය බැංකු වලින් ණය දුන්නා ඒවගේ පොලියත් අඩුයි ඒ වගේම ආණ්ඩුව මේ මූල්‍ය ආයතන ලියාපදිංචි ඒවද කියල හොයල බලන්න ඕන මිනිස්සුන්ට අසාධාරණකම් වුනාට පස්සේ තමයි පොලීසියයි මහ බැංකුවයි ඇවිල්ල කියන්නේ මේ ආයතන ලියාපදිංචි ඒවා නොවන බවටය. ඒ වනවිටත් සියල්ල සිදුවී හමාරය.

බොහෝ විට අප රූපවාහිනියේ හෝ රේඩියොවකින් බැංකු පොලී අනුපාතයන් අසන්නට දකින්නට ඇත්තේ 20% කට අඩු ප්‍රමාණයකිනි නමුත් අසන්නට දකින්නට නොමැති හිතාගත නොහැකි පොලියක් උතුරු පලාතේ ඇති බව කිව යුතුමය

40% සිට 220% ක් දක්වා වූ පොලියක් ඇති බව කිවහොත් විශ්වාශ කල යුතුය එය උතුරේ වැසියන්ට අත්විඳීමට ඇති ගිනි පොලියයි.

ලෝන් බිල්ලයි පොලී බිල්ලයි එක් වූ විට යුද්දයට මුහුණ දුන්නාට වැඩි මානසික පීඩනයක් මෙ ජනතාවට විඳීමට සිදුව ඇත.මේ පොලිය වැඩි වීමට විරෝධය පා මුලතිව් නගර මධ්‍යෙ මෙන්ම වව්නියාව නගරයෙ පැවති විරෝධතාවකට එක් වූ කාන්තා සමිති සාමාජිකාවන් පිරිසක් කියා සිටියේ මෙවැන්නකි.

‘‘අපේ පලාත් වල නැවත පදිංචියට ගිය හැම කෙනාටම ගෙවල් ලැබුනේ නැහැ ඇතම් විට ගෙයක් ලැබුනත් කන්න අඳින්න විදහක් තිබුනෙ නැහැ රටේ අනිත් මිනිස්සු කොයි වදිහට කෑව ඇන්දත් අපි එදා වේල හොයගන්න පුදුම මහන්සියක් වෙන්නේ අපට රැකියා නැහැ අපේ පලාත් වල ඉන්න ජනතාවගෙන් 80% කටම වගේ ස්ථීර රැකියාවක් නැහැ ස්වයං රැකියාවක් කරලා හෝ ගේ කෑල්ලක් හදාගන්න හරි තමයි කොහෙන් හරි ණයක් ගන්න යන්නේ නමුත් රාජ්‍ය බැංකු ඇතුලු ලොකු ලොකු පෞද්ගලික බැංකු වලින් අපිට ණය දෙන්නෙ නැහැ මොකද ඒ අය ඉල්ලන ඇප අපිට නැති නිසා ඒ නිසා තමයි ගිනි පොලියකට හර ඔය කියන මූල්‍ය ආයතන වලින් ගන්න යන්නේ ඒ අය මුලින්ම ණය මුදල් දීල තමයි කොන්දේසි ගැන කතා කරන්නේ ඒක ඒ අයගේ කපටිකමක් පස්සේ ඉංගීසියෙන් හදපු කොළ ගොඩක් ගෙනල්ලා අත්සන් කරන්න ඕන තැන් පෙන්නලා අත්සන් කරගන්නවා අපේ අයත් ටක්ගාලා අත්සන් කරනවා ඉල්ලපු ණය මුදල ලැබිලනේ ණය මුදල දෙන කොට පොලිය යාන්තමට වගේ කියනව සීයයට අච්චරයි මෙච්චරයි කියලා නමුත් අපේ බොහෝ දෙනෙකුට අවුරුද්දක් ගියහම තමයි තෙරෙන්නේ ගෙවන්න තියන ණය මුදල හා පොලිය ලක්ෂයක් ගත්තහම අවුරුද්දකට තුන්ලක්ෂ විසිදහසක් ගෙවන්න වෙලා මේව අහපු ගමන් අපේ මිනිස්සු ක්ලාන්තේ දානවා ඉතින් කොහෝමද ගෙවන්නේ ගත්තු ණය මුදලට වඩා තුන්ගුණයක් පොලී වාරිකය ගෙවන්න වෙලා.

ඉතින් මේ මිනිස්සු ගමරට අතෑරල යන්නද කොහෙ කියල යන්නද මේ අයට බේරිලා යුද්දෙදි උණ්ඩෙට බෝම්බෙට බේරුනත් මේ ආයතන වලින් එවන පුද්ගලයින්ගෙන් (බිල්ලෝ) බෙරෙන්න බැහැ සමහර විට ඒ පුද්ගලයිනුත් අපේ පලාත් වල තරුණයෝම වෙනවා මොකද ප්‍රදේශය දන්න අයනේ මේ අයත් ආයතනයට ඕන රූකඩ විදිහට තමයි අපෙ මිනිස්සු ලගට ඇවිත් මුදල් අහන්නේ මොකද ඒ අයටත් පැවත්ම තියෙන්නේ එතකොටනේ  කොහොම හරි මේ මූල්‍ය ආයතන වල පොලිය අඩුවුනේ නැත්තම් යුද්දෙට වැඩි ව්‍යසනයක් වෙන එකනම් ඒකාන්තයි. යනුවෙනි.

මෙම ගැටලුව රජයටද කන්වැදී හමාරය නමුත් පියවර ගැනීමට ප්‍රමාද වීමෙන් මේ වන විටද ජීවිත රැසක් අහිමිව ඇත.

ණය මුදල් ලබා ගත් විරෝධතාවයේ යෙදුනු පිරිස් කියා සිටියේ යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව විසින් සිය ජීවිතය නැවත ආරම්භ කිරීම උදෙසා ලබා ගත් මෙම ණය මුදල් වෙනුවෙන්ද රජය කිසියම් විසඳුමක් ලබා දිය යුතු බවටයි එනම් ණය මුදල් ලබාගෙන ඇති කාරණාව පිළිබඳ මාණුෂිය අයුරින් සලකා යම් කිසි සහනයක් ලබා දිය යුතුය යන්න පිළිබඳව උතුරේ බොහෝ ජනතාවක් බලාපොරොත්තුවෙන් සිටිති.

Latest