Skip to content

මහකච්චකොඩිය ගමට අලි කරදර.

වන අලින් සිදු කොට ඇති විනාශය

වවුනියාව මහා කච්චකොඩිය ප්‍රදේශයට නිරන්තරයෙන් කඩා වදින වන අලි හේතුවෙන් ගම්වාසීන් දැඩි දුෂකරතාවයන්ට පත්ව සිටි. නිරන්තරයෙන් කඩා වදින වන අලින් එම ප්‍රදේශයේ ගොවීන්ගේ වගාවන් සේම අවස්ථා කීපයකදීම නිවාසද හානි කොට තිබේ.
ඉතා වියලි කාලගුණයක් යටතේ එම ප්‍රදේශවල ගොවින් වග කරන ලද දිගුකාලින බෝග මෙම වන අලින් නිරන්තරයෙන් වනසන බවට ගොවින් මෙහිදී මැසිවිලි නගති.
තවද සවස් කාලය වන විට ගම්මානයේ වන අලින් නිරන්තරයෙන් සැරිසරන බැවින් ජිවිත අවධානමක්ද පවතින බව ගම්වාසීන් පෙන්වා දෙයි. මෙම ගැටලුව පිළිබද බලධාරීන් කොතෙක් දැනුවත් කලද මේ දක්වා ඊට නිසි විසදුමක් නොලැබුන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන ලෙසටයි.

Latest