Skip to content

මහා වැස්සෙන් වවුනියාවේ වැව් කීපයක් පීටර ගලයි.

උතුරු පළාතට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් අමුණු කීපයක් පිටාර ගැලීමට පටන්ගෙන තිබේ. ඒ අනුව වවුනියාව කෝවිල් කුලම ගොවිජන බල ප්‍රදේශයට අයත් පලේමොට්ටේ වැව ඇතුළු තවත් කුඩා වැවු කීපයක් මෙසේ පිටාර ගැලීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව වැසි සහිත කාලගුණික තත්වය අද (07) දිනයේද පවතී. කාලගුණ අංශ ජනතාවට පවසන්නේ වැසි සහිත කාලගුණය හමුවේ සිදු වන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසයි.

Latest