Skip to content

මගීන් පටවා ගන්න එපා කියා කොන්දොස්තර තඩි බාලා....!

හලාවත නගරයේදී මගීන් පටවා නොගන්නා ලෙස පවසමින් පුත්තලම - කොළඹ බස් රථ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.

12 වැනිදා දහවල් මීගමුව - තෙල්වත්ත ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු වී ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම - කොළඹ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි.

හලාවත බෞද්ධ මන්දීරය ඉදිරිපිටින් මගීන් පටවා නොගන්නා ලෙස කියමින් තමන්ට පහර දුන් බව සිද්ධියට මුහුණ දුන් අය පොලීසියට පවසා ඇත.පහර දීම සිදු කර ඇත්තේ හලාවත - මීගමුව පුද්ගලික බස් රථ සේවකයින් බවට හදුනා ගත් බවද හෙතෙම පවසා ඇත.

හලාවත - කොළඹ මාර්ගයේ මගීන් පටවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම පුද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් අතර ගැටුම් හට ගෙන තිබුණි.

Latest