Skip to content

ගිනියම් වූ මෙක්ෂිකෝව. මියගිය ගණන110 කට අධිකයි.

මෙක්සිකෝවට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකුවත් මිය ගොස් ඇතයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියි.

එහිදී සෞක්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ගෙවී ගිය  සති දෙකක කාලය තුළදී පමණක් සෙල්සියස් අංශක 50කට අධික උෂ්ණත්වයක් බලපෑමත් සමග බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක්  විජලනයට පත්වීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහල යා  හැකි බවටය.

ජුනි මස ගෙවී ගිය 18 ත් 24 ත් අතර කාලයේදී මරණ 69 ක් වාර්ථා වී ඇති අතරම ජුනි 11 සහ 17 අතර කාලයේදී මරණ 39 ක් වාර්ථා වීම විශේෂ වෙයි.

පවතින තත්වය හමුවේ මෙක්ෂිකෝවේ ජලාශයන්ද සීග්‍රෙයන් සිඳී යමින් පවතින අතරම මේ හේතුව නිසාවෙන් විදුලිය නිපදවීමටද දැඩි අභියෝගයක්ව පවතින අතරම විදුලි ඉල්ලුමද වෙනත් වසර වලට වඩා වාර්ථාගත අයුරින් ඉහල ගොස් ඇතැයිද එරට විදුලි කාර්මිකයින් පෙන්වා දෙයි.

සොනෝරා ප්‍රාන්තයේ, අකොන්චි නගරයේ බදාදා සෙල්සියස් අංශක 49 (ෆැරන්හයිට් 120) දක්වා ඉහළ ගිය අතර ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බැවින් හැකි අයුරින් නිවසේම ජනතාවට රැඳී සිටින ලෙසින් එරට බාලධාරීන් ජනතාවගේන් ඉල්ලීමක් කර ඇත.

Latest