Skip to content

MLS හා මෙසී නිල වශයෙන් එකතු වෙයි

ලෝක ප්‍රකට ආජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය සෙනසුරාදා දින (ජූලි 15)  නිල වශයෙන් උතුරු ඇමෙරිකානු පාපන්දු තරඟාවලියක් වන Major League Soccer එහෙමත් නොමැතිනම් MLS සමඟ නිල වශයෙන් ගිවිසුම්ගත වුණා.

2025 වසර අවසානය දක්වා දැනට ගිවිසුම් ගත වූ මෙසී මේ සම්බන්ධයෙන් ඉතාමත් උද්යෝගිමත් බවට ප්‍රකාශ කර සිටි අතර Inter Miami පාපන්දු සමාජයේ අයිතිකරු මෙන්ම ප්‍රකට එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඩේවිඩ් බෙක්(හ)ම් මෙය සිහිනයක් සැබෑ වීමක් ලෙසද සඳහන් කර සිටියා.

“Ten years ago, when I started my journey to build a new team in Miami, I said that I dreamt of bringing the greatest players in the world to this amazing city. Players who shared the ambition I had when I joined LA Galaxy to help grow football in the USA and to build a legacy for the next generation in this sport that we love so much,”

බෙක්(හ)ම් තවදුරටත් සඳහන් කර සිටියා.

මීට අමතරව මෙම ගිවිසුම හරහා මෙසී හට Inter Miami පාපන්දු සමාජයේ කොටස් හිමිකරුවෙකු වීමේ අවස්ථාවද හිමි වන අතර තවද MLS හි නිල මාධ්‍ය අනුග්‍රාහක වන Apple TV හි MLS Season Pass සඳහා වන ග්‍රාහක ගාස්තු (Subscription Fee)  හරහාද යම් කොටසක් ලැබෙන බවට බොහෝ වාර්තා වල සඳහන් වේ.

අවසාන වශයෙන් මෙම ගිවිසුම යටතේ මෙසී හට වසරකට ඩොලර් මිලියන 50 - 60ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවට Inter Miami පාපන්දු සමාජයේ කොටස් හිමිකරුවෙකු වන Jorge Mas විසින් ස්පාඤ්ඤ මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් කර සිටින ලදී.

Latest