Skip to content

තරුණ චීන පාපන්දු රසිකයෙකු පාපන්දු ශූර Messi ව තරගයක් අතරතුර වැළදගනී.

බ්‍රහස්පතින්දා බීජිං හි ඕස්ට්‍රේලියාව සමඟ ආර්ජන්ටිනාවේ පැවති මිත්‍ර තරඟයේදී සිදුවූ අපූරු සිදුවීමක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අංක 10 ආජන්ටිනා ජර්සියකින් සැරසී සිටි තරුණ චීන ජාතිකයෙකු තම වීරයා වන​ Lionel Messi තරගය අතරතුර ක්‍රීඩාංගනය මැදට දිවගොස් වැළද ගැනීමයි. චීන සමාජ මාධ්‍යවල අදාළ සිදුවීම මේ වන විට ඉතාම වේගයෙන් සංසරණය වෙමින් පවතින බවද වාර්තා වෙයි. අනපේක්‍ෂිත ලෙස වන මෙම සිදුවීම හේතුවෙන් මෙසී සුලු වික්‍ෂිප්තභාවයකට පත් වන අයුරක් පෙනෙන්නට තිබේ. ප්‍රේක්‍ෂකයන් ඔල්වරසන් දෙන විට ඔහුගේ පසුපස හඹා යන ආරක්‍ෂකයන්ගෙන් එක් අයෙකු බිම ඇද වැටෙනුද දක්නට ලැබේ.​

එතනිනුදු නොනවතින රසිකයා දෑත් ඔසවමින් දිව යන අතරවාරයේම ආර්ජන්ටිනාවේ ගෝල රකින්නා වූ එමිලියානෝ මාටිනස් (Emiliano Martinez) හට​ High-five එකක් දැමීමට ද අමතක නොකරයි. අවසානයේ රසිකයා ආරක්‍ෂකයින් විසින් ඔසවා ගෙන ඉවතට ගෙන යනු ලබන අතර එහිදී ඔහු වීරයෙකු මෙන් පිළිගනු ලැබූ බව කියවෙයි.

සිදුවීමට අදාළා වීඩියෝ දර්ශණය පහතින්:

Latest