මසකට අලුතින් රෝගීන් 950 – 1200ත් අතර ගනනක්..
මෑතකාලීනව මෙරට පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් එය මාසිකව අලුතින් හදුනාගන්නා රෝගීන් 950 – 1200 අතර සංඛ්‍යාවක් තරම් ඉහල අගයක් ගන්න බවත් මහරගම අපේක්ෂා රෝහලේ වාර්තා මගින් හෙළිව තිබේ.
මේ තත්වය සඳහා අප විසින් ගනු ලබන ආහාරපාන, පාරිසරික සාධක, මත්පැන් පානය, දුම්පානය, මානසික ආතතිය වැනි කාරණා රාශියක් හේතු වී ඇති බවත්, මේ නිසා මෙරට පමණක් නොව ලොව පුරාම පිළිකා රෝගීන් අලුතින් වාර්තා වීම වැඩිවිමක් දක්නට ලැබෙන බව මහරගම අපේක්ෂා රෝහලේහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සදහන් කරයි.
සියයට 75% – 80%ත් අතර ප්‍රමානයක ළමා පිළිකා රෝගින් සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි නමුත් රෝගී තත්වය මුලින්ම හඳුනාගත් සැනින් ප්‍රතිකාර ආරම්භ කළහොත් එය නිට්ටාවටම සුව කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මේ වනවිටත් පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ බොහෝමයක් පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන බවත් තවදුරටත් එම පරිත්‍යාගශීලීන්ගේ සේවය අත්‍යවශ්‍ය බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.