Skip to content

මඩු කැළයේ අතරමංවු පොලිස් සැරයන් හමුවෙයි.කිසිදු කරදරයක් නෑ.

මන්නාරම,පොලිස් ස්ථානයේ පොලිස් මුළුතැන්ගෙට අවශ්‍ය දර සෙවීමට ගිය  අවස්ථාවේ ඊයේ(19) දහවල් අතුරුදහන්වු පොලිස් සැරයන්වරයා කිසිදු කරදරයකින් තොරව සිටියදී අද(20) දහවල් සොයාගත් බව මඩු පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ අතුරුදහන් ව සිටි දිසානායක නමැති පොලිස් සැරයන්වරයා මඩු,පණ්ඩිවිරිච්චාන් කැළෑවේ විල්ලුව ප්‍රදේශයේදී  සොයා ගැනීමට හැකිවු බවයි.

පොලිස් සැරයන්වරයා ඇතුළු මන්නාරම පොලිසියේ පිරිසක් දර සෙවීමට ට්‍රැක්ටර රථයකින් මඩු කැළෑවට ගිය  අවස්ථාවේ සැරයන්වරයා ඊයේ(19) දහවල් අතුරුදහන්වි සිටියහ.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මඩු හා මන්නාරම පොලිස් නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් අතුරුදහන් නිළධාරියා සොයා අද(20) මෙහෙයුමක් දියත් කළහ.

මෙහෙයුම අවස්ථාවේ අදාළ නිළධාරියා පණ්ඩිවිරිච්චාන් කැළැවේ ගසක් මත රැදී සිටියදී සොයාගැනීමට හැකිවු බවද පොලිසිය පැවසූහ.

මඩු කැළෑවේ දර කැඩීමට ගිය අවස්ථාවේ වලස් ප්‍රහාරයන්ට හා වන අලි ප්‍රහාරයන්ට ලක්ව පුද්ගලයින් කිහිපදෙනෙකු මීට පෙර ජිවිතක්ෂයට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

Latest