Skip to content

අභාවයට යන කොළඹ මහනුවර මාර්ගයේ ඇති විශාලතම ගඩොල් පාලම

මාවනැල්ලේ ගඩොල් පාලම 

ලංකාවේ ඇති පාලම් අතර කිසිදු කම්බියක් නොදමා නිර්මාණය කර ඇති කොළඹ මහනුවර මාර්ගයේ ඇති විශාලතම ගඩොල් පාලමේ දෙපස විවිධ පැළඇටි පැලවි ඇති අතර ඒවා විශාල විමට ඉඩ හැරියහොත් පාලම විනාශ විමේ අවදානමක් පවති. අද 28 අප මෙම තත්වය දුටු විගස රට හමුවේ අනාවරණය කර සිටින්නේ මෙවැනි ඓතිහාසික ස්ථාන සුරක්ෂිත කර ගැනීමේ අදහසින් බලධාරීන්ගේ අවදානය යොමු කිරීමේ අදහසිනි.


දැනට පාලමේ ආරක්ෂිත වැට දෙපසින් මෙන්ම පාලමේ ප්‍රධාන මුක්කු කණු සහ ආරුක්කුව ඇති කොටසේ පැළඇටි පැලවි ඇති අතර කපුටු බෝ යන ගස් විශාල ලෙස එහි පැලවි ඇත. එහි ගස් වල මුල් ගඩොල් අතරින් ඇතුලතට යෑම මගින් පාලමට හානි සිදු වේ.


මෙම පාලම තනිකරම සදා ඇත්තේ ගඩොල් යොදා ගෙනයි. කිසිදු කම්බි කැල්ලක් ප්‍රයෝජනයට නොගෙන නිර්මාණය කර ඇති පාලමේ අදටත් බර වාහාන පවා නිතර දෙවෙලේ ගමන් කරයි. ක්‍රි:ව 1821 දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයෙහි කොළඹ මහනුවර මාර්ගය නිර්මාණය කිරිමෙන් පසුව මෙම මා ඔය හරහා විශාල ආරක්කු සහිත දිගම හා විශාලතම ගඩොල් පාලම මෙසේ ඉදි කර ඇත. මෙම පාලම කොළඹ මහනුවර මාර්ගයේ ඇති විශාලතම ගඩොල් පාලම වෙයි. ඒ නිසා මෙය පෞරාණික වස්තුවක් වශයෙන් ද ඓතිහාසික වශයෙන් වැදගත් වේ. ඉංග්‍රීසි පාලන කාලයේ උඩරට කෝපි කොළඹට ප්‍රවාහනය හා උඩරට වතුකරයේ ජනතාවය අවශ්‍ය රෙදිපිළි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමටද මෙම පාලම විශාල සේවාවක් කර තිබෙනවා.

මාවනැල්ල නගරයට පිවිසෙන විට එහි ප්‍රධාන ඓතිහාසිකත්වය මෙම පාලම මගින් පෙන්නුම් කරන අතර පසුගිය කාලයේ මාවනැල්ල නගර සංවර්ධනයේදිද මෙම පාලම ප්‍රධාන ස්ථානයක් ලෙස සංවර්ධනය කිරිමට සැලසුමක් තිබුණත් එම නාගරික සැලසුම් ක්‍රියාත්මක නොවිම නිසා දැනට ගඩොල් පාලම දවසින් දවස විනාශ වෙමින් පවති. එහි පෞරාණිකත්වයට හානි වන අයුරුන් ජල සම්පාදන මණ්ඩලය විසින් යොදා ඇති ජල නළ ද බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ අවදානයට යොමු වි ඇති අතර ඔවුන් පවසන්නේ මෙ නිසා මෙවැනි ඓතිහාසික පාලමක වටිනාකමට එය නොගැලපෙන බවයි. දැනට මෙම ජල නළ පාලමේ ආරක්ෂිත ඇදි වැට දෙපසින් එය හානි වන අයුරුන් හිල් කර දමා ඇති අයුරුද දැක ගත හැකියි.

පාලම රැක ගැනිම මගින් අපේ රටේ පෞරාණිකත්වයටද විශාල වු පිටුවහලක් ක්‍රියා පාන හෙයින් එම තත්වය ඉදිරියටත් ආරක්ෂා කර ගැනිමට පාලමේ අද වන විට ඇති වි තිබෙන තත්වය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනිම අවශ්‍ය කාරණයකි.

Latest