Skip to content

කූඨ ලේඛන සකසා සිසුවියන් ඇතුලත් කළ පිරිස අතර රජයේ උසස් නිලධාරීන් රැසක්

කූඨ ලේඛන සකසා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති වලට දරුවන් ඇතුළත් කළ බවට චෝදනා එල්ල වන දෙමව්පියන් අතර රජයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද සිටින බවත් එම  නිලධාරීන් වංචාවට අදාළ නිසි තොරතුරු අනාවරණය නොකළොත් ඔවුන්ට එරෙහිවද චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව මහනුවර මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති වලට කූඨ ලේඛන උපයෝගි කරගනිමින් ළමුන් ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය දෙමව්පියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනමින් නුගවෙල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ළමුන් ඇතුළත් කිරීම සඳහා පාසලට ඉදිරිපත් කර තිබෙන ලේඛණ කූඨ ඒවා බවට චෝදනා එල්ල වූ දෙමව්පියන් අතරින් 14 දෙනෙකු ගෙන් පොලීසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇත.

එම දෙමව්පියන් ලබාදුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔහු මේ වනවිට මෙම මස 13 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවත් පොලීසිය පවසයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන්නේ සතිස්චන්ද්‍ර දසනායක (63) නැමැති අයෙකි. තම ලිපි ශීර්ෂ,නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්ති වලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන හේමන්ත ප්‍රේමතිලක මහතා මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකින් පසු අදාළ විමර්ශන ආරම්භ විය.

මෙයට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්රේනි වලට තවත් ළමුන් 180 දෙනෙකු නියමිත නීතිමය ක්රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් අනාවරණය කිරීමත් සමඟ මධ්යම පළාත් අධ්යාපන අධ්යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව මධ්යම පළාත් අධ්යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධ පෙර පුවත්




Latest