Skip to content

Manchester City පාපන්දු කන්ඩායම එංගලන්ත ප්‍රමියර් ලිග් ශුරතාව දිනාගනී

නොකඩවා තෙවන වරටත් එංගලන්ත ප්‍රමියර් ලිග් ශුරතාව දිනාගැනිමට Manchester City කන්ඩායම පසුගිය ඉරිදා සමත් වුයෙ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිය. තමන්ගෙ ප්‍රබලම ප්‍රතිවාදියා වු Arsenal කන්ඩායමට වඩා ලකුනු හතක් ඉදිරියෙන් සිටිමට ඔවුන් මෙ වනවිට සමත් වී සිටි. 2022-2023 තරගවාරය පුරාවට ඉදිරියෙන් සිටි Arsenal කන්ඩායම හබා ආ Manchester City කන්ඩායම අවසන් තරග දහය වන විට තම අනසක පැතිරවිමට සමත් වුයෙ වසර 19 පසු Arsenal කන්ඩායමෙ ශුරයන් විමෙ බලාපොරොත්තු සුනුවිසිනු කරමිනි.

කවුද මෙ Manchester City ?

1880 දී St. Mark's (West Gorton) නමින් ආරම්භ කර 1887 දී Manchester City බවට පත්වු මෙම පාපන්දු කන්ඩායම 2008 වසරෙදී, එක්සත් ආරාබි එමිර් රාජ්ජයෙ උප ජනාධිපති Sheikh Mansour bin Zayed bin Sultan Al Nahyan අයත් Abu Dhabi United Group සමාගම විසින් මිලදී ගනු ලබනවා. එතන සිට මැන්චෙස්ටර් නගරය නිල් පැහැයෙන් බැබලවිමට අබුඩාබි හී තෙල් සල්ලි සමත් වන්නෙ එතෙක් කල් එංගලන්ත ලීගයෙ රජ කල මැන්ච්ස්ටර් යුනයිටඩ් පිලට යන එන මන් නැති කරමින්. අද වන විට UEFA cup සහා FA Cup අවසාන තරගවලට ද සුදුසුකම් ලබා ගැනිමට Manchester City කන්ඩායම සමත්වීමද විශෙෂයි.

Sheikh Mansour bin Zayed bin Sultan Al Nahyan

මෙවර තරගාවලිය වරණවත් කල ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙ නොර්විජියානු ක්‍රීඩක එර්ලින් හාලන්ඩ්. ගෝල 36 ලබා ගෙන මෙවර Golden Boot සම්මානය සදහා ඉදියෙන්ම සිටින්නෙ ඔහුයි. එලේසම බෙල්ජියානු මැද පෙළ ක්‍රීඩක Kevin De Bruyne අවසාන පන්දු පිරිනැමිම් 17 ක් සමග තමන් ලෝව සිටින අග්‍රගනයෙ මැද පෙළ ක්‍රීඩකයා බවට නැවත ඔප්පු කිරිමට සමත් වී තිබෙනවා. මෙවර Manchester City කන්ඩායමෙ ක්‍රීඩකයන් ගෙ සම්පුර්ණ වටිනා කම ඇමරිකානු ඩොලර් බිලියන 4.25 ($4.25B) අගයක් බවට පත්වන්නෙ ලෝව ධනවත්ව කන්ඩායම කිරුළද ඔවුන්ට අත්කර දෙමින්.

පළමු කන්ඩායමෙ ක්‍ර්‍රීඩා කරන එකලොස්දෙනා හට සුපිරි අභියොගයක් ලබා දිමට අතීරෙක ක්‍රීඩකයන් (Bench Power) හට හැකිවිම Manchester City කන්ඩායමෙ තිබෙන විශෙෂ හැකියාවක්. බර්නාඩො සිල්වා , රියාද් මහරස්, ජැක් ග්‍රිලිෂ්, එඩිසන්, නෙතන් ඇකෙ, හුලියො අල්වාරෙස්, ෆිල් ෆොඩන් වගෙම නායක එල්කායි ගුන්ඩගාන් ගෙ සුපිරි දසක්ම් මෙවර ජයග්‍රහනයට බෙහෙවින් ඉවහල් වුනා.

තේවසරක් නොකඩවා එංගලන්ත ප්‍රීමිය ලීගය දිනාගැනිම ලේසි පහසු වැඩක් නෙමෙයි. මෙහි පිටුපස සිටින නිහඩ වීරුවා තමා පුහුනුකරු/කළමනාකරු පෙප් ගාඩියොලා (Pep Guardiola). දැනට ලෝව සිටින අංක එකෙ පුහුනුකරු වන පෙප් මෙවර කුසලානයක් සමග පස් වතාවක් ප්‍රමියර් ලිග් ශුරතාව ජයග්‍රහනය කිරිමට සමත්වී තිබෙනවා. ඔහුට ඉදිරියෙන් සිටින්නෙ හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු Sir Alex Ferguson පමනයි. ඒ එංගලන්ත ප්‍රීමිය ලීගය 13 වරක් දිනාගනිමින්.

Manchester City කන්ඩායම, තමන්ගෙ නීජබිම වන Etihad Stadium හී 53,400 පමන ප්‍රෙක්ශක ජනතාවක් ඉදිරියෙ එලබෙන ඉරිදා (28-05-2023) English Premier League කිරුළ එසවීමට නියමිතයි.

Latest