Skip to content

බ්‍රසීල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මලාලා පෙරමුණ ගනියි.

මලාලා බ්‍රසීල දැරිවියන් සමඟ

කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින නොබෙල් සාම ත්‍යාගලාභී මානව හිමිකම් ක්‍රියාකාරිනී මලාලා යුෂුෆ්සායි බ්‍රසීලයේ සංචාරයක නිරතවිණ.

බ්‍රසීලයේ ආදිවාසී ගෝත්‍රික දරුවන්ගේ අධ්‍යාපන කටයුතු  සම්බන්ධයෙන් සොයා බැලීම හා බ්‍රසීල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්  පෙනී සිටිමට මලාලා බ්‍රසීල සංචාරයක නිරතව සිටියි. මලාලා බ්‍රසීල දැරිවියන් සමඟ දේශන කිහිපයකටම එක්ව සිටියහ.

පාසල් දැරියක වුණු මලාලා බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්න වූයේ බීබීසී උර්දු ගුවන් විදුලි සේවය හරහාය. මලාලා කවුරුන්දැයි හඳුනා ගත් තලේබාන් හිතවාදියෙකු මලාලාගේ පාසල් වෑන් රියට ගොඩ වී ඇය අසලට පැමිණ මලාලාගේ හිසට වෙඩි තැබුවේය. ඒ, 2012 ඔක්තෝබර් 9 වැනිදාය. එවිට මලාලාගේ වයස අවුරුදු 15 කි.

බරපතල තුවාල ලැබූ මලාලා වහාම බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රතිකාර ලබා දීමට මැදිහත් වූයේ එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන් ය.

කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් මලාලා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් විය. ඇය එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක බවට පත්වූවාය. කැනඩා රජයේ විශේෂ ඇගැයීමකට ඇය ලක්වූවාය. ඇය කැනඩා පාර්ලිමේන්තුව පවා ආමන්ත්‍රණය කළාය. මලාලාට මහා බ්‍රිතාන්‍යයේත්, කැනඩාවේත් පුරවැසිභාවය හිමිවී තිබේ. මලාලා කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන මෙහෙය වෙනුවෙන් 2014 වසරේ ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවිණ.

Latest